(ගයාන් සූරිය ආරච්චි සහ සනත් ගමගේ)

අම්බලන්තොට ලක්මාල් සඳරුවන් නොහොත් " පොඩි " නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 35 සහ 33 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

අම්බලන්තොට පොඩි නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර කපා කොටා ඔහුගේ හිස කපා රැගෙන ගොස් අම්බලන්තොට මාර්ගයේ පිළිමයක එල්ලා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.