ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි  අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 

ඉදිරි පැය 36 දී එම  පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වලවනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමාණ තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.