(යොහාන් භාසුර)

හදිසි ජල ගැලීම් තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ හේතුවෙන් අද (13) පස්වරුවේ සහ හෙට (14) පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හලාවන දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව එම දෙපාර්තමේන්තුව කීය.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩි ප්‍රදේශයෙන් ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බවත් ජල මට්ටම තවදුරටත් වැඩි වෙමින් පවතින බවත් එම දෙපාර්තමේන්තුව කීය.

ඒ අනුව හෙට (14) පුත්තලම කාර්යාල දුම්රිය සහ අනෙකුත් සියලු දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කරන අතර හෙට (14) පෙරවරුවේ එම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කීය.