IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

හැට නව ලක්ෂයක් ඡන්ද අරගත්තේ මේ රටට සෞභාග්‍යය උදා කරනවා කියලා. නමුත් පත්වෙලා මාස තුනක් යනකොට අපිට තේරුණා සෞභාග්‍යය නෙමෙයි සවු භාගයක්වත් මේ රටට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒක මම එදත් කිව්වා අදත් කියනව.

හැට නම ලක්ෂත ඡන්ද වරමකින් ජනාධිපති වී තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති තත්වය පිළිබඳව බෙහෙවින් කණගාටු වන බව ආනන්ද හිමියෝ කියා සිටියහ.

මත්තෙගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ආනන්ද හිමියෝ මේ බව කියා සිටියහ.

අද වන විට ඔහු රටින් රටට යනව. ඔහු එහෙම යන්න අවශ්‍ය නැහැ. ඔහු වරදක් කරල නැහැ. නීතියෙන් වැරදිකරුවෙක් වෙලා නැහැ. එහෙම නං ඇයි එතුමා ඒ තත්වෙට පත් වෙලා තියෙන්නෙ. ඔහු මේ රටේ පුරවැසියෙක් ඔහුට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්.

 



අදහස් (16)

‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘

පිටිගල මිලානෝ Friday, 19 August 2022 04:35 PM

උද්දච්චකම යනු තමන් යමක් ගැන නොදැන බොහෝ සේ දන්නා බව පෙන්වීමයි.

:       14       65

විපරමා Friday, 19 August 2022 05:21 PM

අපේ මහනායක හිමිවරු කියලා නිකම්ම උන්නෙත් නැහැනේ. දුශිත පවුල් පාලනේ අයත් මේවට වගකිව යුතුයි .

:       0       0

මැක්ස් Friday, 19 August 2022 06:05 PM

සැබෑ ලෙසටම සිස්ටම් චේන්ජ් කරන්නට යෑමයි ඔහු කළ වැරැද්ද. සුපුරුදු පරිදි ලෝකෙට ණයවෙලා මේ රටේ මධ්‍යම පංතියට තම සුපුරුදු කාමසුඛල්ලකානු ජීවිතය ගෙන යන්නට සැලසුවා නම් "අරගල" නැත. කෝවිඩ් ⁣කොරේ පිටට ආ ලෝක ආර්ථික අවපාතය නමැති දේ නිසා ඇති වූ දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ලෝක බලවතුන් ජුලී චන්ග් නෝනා, බෝන් අගේන් කල්ලි සහ සිංහල බෞද්ධ විරෝධීන් ඉත්තන් කර ගනිමින් 2009 මැයි 18 නන්දිකඩාල් පලිය මහින්ද ගෝඨා දෙදෙනාගෙන් ගත්තේය. රටේ පොදු ජනතාව එතුමාට බලය ලබාදුන්නේ හැමෝම කියන තාලයට වැඩකරමින් ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් බවට මේ රට පත් කිරීමට නොවේ. ජවිපෙ, සජබ වැනි කොයිදේටත් විරුද්ධ වන දේශපාලන පක්ෂ ඉතිහාසයේ පෙර නොවූ විරූ වැඩ වර්ජන රැලි ඇතිකරමින්, ආයෝජන මෙරටින් තුරන් කරමින් එතුමාට කිසිම වැඩක් තම සැලැස්ම අනුව ඉටු කිරීමට ඉඩ නුදුන් අයුරු ඛේදජනකයි.

:       82       81

ලුම්බිණි Friday, 19 August 2022 06:43 PM

හාමුදුරුවෝ බණ කියන්න පටන් අරගෙන වගෙයි.

:       0       0

සමන්ත Friday, 19 August 2022 08:36 PM

මැක්ස් මහතා, ඔබ ඉතා නිවැරදිව අදහස දක්වා ඇත. අරගලෙ පිටි පස්සෙන් රනිල් සහ සහචර දනපතියන්ද සිටි බවත් සදහන් කල යුතුය .

:       0       0

beau Friday, 19 August 2022 11:41 PM

උද්ධච්චකම ගැන මුරුත්තෙට්ටුවේ උන්නාන්සේටත් එකයි

:       0       0

chandima Saturday, 20 August 2022 01:02 AM

හාමුදුරුවනේ ඔය එක හේතුවක් වත් නෙමෙයි .ඒ පූරුවේ කරුමේ .ඔබ වහන්සේලාටත් ධර්.මය අමතක වෙලා වගේ නේ ?

:       0       0

D.U.Weerakoon Saturday, 20 August 2022 06:14 AM

ඔහුට වැරදුනේ ඔහුගේ බියගුලු කමයි දුර දක්නා නුවනක් නොමැතිකමයි නිසයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 August 2022 07:56 AM

ජාතිවාදීන්,ආගම්වාදීන්,දුෂ්ශීලයන් හා දේශාපාලන ගැත්තන් එකතුව රාජපක්ෂවරුන් ද සමගින් මේ සුන්දර රට සහමුලින්ම කාබාසිනියා කරා.වංචාව දූෂණය හොරකම ඉවාවහා ගියා. සවිභාග්‍යයේ නාමයෙන් රටම හොරා කෑවා. ඒ නිසා ජනතාව පාරට බැස්සා.

:       0       0

Sampath Saturday, 20 August 2022 09:45 AM

උද්දච්ච කම නොවෙයි හාමුදුරුවනේ. සැලසුම් සහගත ලෙස මෙරට ආර්ථික අර්බුදය ආයුධයක් කරගෙන ලබාගත් පලිගැනීමක්. යුද්ධය අවසාන කිරීමට නායකත්වය දුන් නායකයින්ට මෙහෙම දඬුවම් ලැබෙනව.

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 August 2022 12:46 PM

කෙටියෙන් අහනව, සීනිබදු වංචාව, රසායනික පොහොර තහනම, බදුසීමාව ඉහල දැමීම, වැට් බදු අඩු කිරීම,සාටක දාපු හතරපස්දෙනෙක් කැබිනට්ටුවේ සිටුවීම, කෝකටත් විසඳුම විදියට හමුදාවෙ පැන්ශන් කාරයො රාජ්‍ය යන්ත්‍රයට බැස්සවීම, ඒවත් ඔය කියන ඇමරිකාවට එරෙහිව, බෞද්ධයන් සතුටු කරන්න, කාමසුඛලිතානු ජීවිතයෙන් ජනතාව ඈත් කරන්න ගනිපු පියවරයන්ද?

:       0       0

jagath rathnayake Saturday, 20 August 2022 01:58 PM

මැක්ස්, උඹල වගේ ජාතිවාදී බයියෝ ඉන්නකම් කවදාවත් මේ රට හදන්න බැහැ. අනික නීතියෙන්ම ඔප්පු කරලා නැතිලු. අපේ රටේ මේ වෙන තොක් එක දේසපාලුවෙක් නීතියෙන් ඔප්පු කරලා තියෙනවද වැරැද්දකට? ඒත් උන් ඔක්කොම හොරකම් කළා.

:       4       5

ගමේ එකාලා Saturday, 20 August 2022 02:30 PM

ගෝටාට වැරදුනේ සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු හින්දා. සවුබාග්‍ය හරියට පෙන්නුවානම් ඔහොම වෙයිද?

:       0       0

කෝරළගේ Sunday, 21 August 2022 11:42 AM

අපේ හාමුදුරුවරුත් මේවට සමසේ වගකියන්න ඕන. මොන නායකයෙක් ආවත් පන්සල් වලට වද්දගෙන මුරුන්ග අත්තේ තියල ගුණ ගායනා කරනවා. මේවා දැන්වත් නවත්තන්න. බලන්න තායිලන්තය, බුරුමය, වියට්නාමය වගේ බෞද්ධ රටවල දේශපාලඥවරු කවදාවත්ම පන්සලකට වද්ද ගන්නෙ නැහැ. ගෝඨා මුලු රටේම පරිපාලනය බින්දුවටම වටිටලා, මුලු රටේම ගොවිතැන නැති කරල වලපල්ලට යවලා, මේ උතුම් රට ලෝකෙන්ම හිගාකන ණය රටක් කරලා ගියේ. අහෝ අපේ මුලු ජනජීවිතයටම වෙච්ච අපරාධයක්???

:       0       2

fairoos Sunday, 21 August 2022 12:45 PM

අනේ අපේ හාමුදුරුවනේ රට අද මේ තත්ත්වයට පත් කලේ ‌එතුමා නොවේනම් වෙන කවුද? ආපහු ආවොත් හිරේ යන්න ලැස්ති වෙලාම එන්න කියන්න.

:       1       1

කරුණාසේන Monday, 22 August 2022 11:15 AM

ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ රනිල්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනැල්ලා තක්කඩි වැඩකරපු නිසයි. නමුත් ඒ කරපු පව් ඵලදීලා ආපහු රනිල්ටම රට බාරදෙන්න සිදුවීම දෛවයේ සරදමකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 35 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 182 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 212 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 512 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 187 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 360 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site