IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි

(අංජුල මහික වීරරත්න)

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, ස්පෝට්ස් ෆස්ට් ( Sports First) පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින්   මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක්  පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත බාර දෙනු ලැබීය. 

එසේම ගාසා ළමා අරමුදලට (Children of Gaza Fund) දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (4)

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි

පිටරටවැසියා Friday, 26 April 2024 06:38 PM

දැන් ඔක්කෝටම කිරි එරෙන්නේ අනෙකුත් රටවලට. ලංකාවේ කන්න-බොන්න නැති, පාසලකට යන්න පොත්-ඇඳුම් ගන්න වත්කමක් නැති සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි කොච්චරක් නම් ඉන්නවාද...?

:       11       74

Prabha Friday, 26 April 2024 07:06 PM

සුදුළූණු, සීනි, වැට් බදු සල්ලි වෙන්න ඇති...

:       11       44

Don perea Saturday, 27 April 2024 12:49 AM

රටේ අය බඩගින්නේ? මෙහෙමත් වස්සෝ ඉන්න රටක්...!

:       4       11

saman Sunday, 28 April 2024 10:32 AM

හොඳ වැඩක්...!

:       4       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 1084 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 821 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 1312 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 652 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
2024 මැයි මස 06 1735 1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි


ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 823 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1976 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site