IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්

(ආරියරත්න රණබාහු)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු  ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන  මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය

එහිදී සොයා බලන කරුණු අතර  හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස  දී ඇති ආසන සංවිධායක ධුර ද වේ

අදාළ කමිටුවට  අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා  යන මන්ත්‍රීවරු ඇතුළත් වේ

එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය  මෙම තීරණය ගත් බවද හෙතෙම කීය. 



අදහස් (5)

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්

පිටරටවැසියා Friday, 26 April 2024 06:24 PM

මුලින්ම ලියාගන්න මහින්ද රාජපක්ෂ නම, මොකද මුලින්ම ඇඩ්‍රස් නැති වුණේ එයාටනේ... අන්තිමටම ලියාගන්න මෛත්‍රිපාල සිරිසේන නම, මොකද එයා හින්දා එයාටම ඇඩ්‍රස් නැති වුණා..

:       0       24

පිටරටවැසියා Friday, 26 April 2024 06:29 PM

ඕගොල්ලෝ ඔක්කොම හින්දා මේ රටේ සියළුම ජනතාව වසර 76ක් තිස්සේ අගතියට පත්වුණා. ඒ ගැන සොයන්න කමිටුවක් දාන්නේ කවදාද?

:       26       13

මං සුදනා Saturday, 27 April 2024 12:08 PM

දන මන වසග කරවන අර හැඩ මෙන්ම වසග කරවන සුලු සුරූපී දේහ විලාසිනිය ගෙවල් කුලිය අරගත්ත හැටිත් සොයන්නෙ නැතේ??

:       0       5

Sabee Saturday, 27 April 2024 02:52 PM

ඒක තමයි ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ. ඒ වුණාට මමනේ සභාපති. ඉතින් හොයන්නේ මට ඕනෑ දේ විතරයි..!

:       0       5

වජිරසේන Sunday, 28 April 2024 06:09 AM

ඒ කාලයේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා වාර්ෂිකව ඉතාමත් ඉහළ මිලකට අමාත්‍යාංශයට බොරැල්ලේ ගොඩනැගිල්ලක් බදු අරගෙන ජනතා මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් මොනවත් කරන්න අදහසක් නැතෙයි... හැම කෙනාම ආණ්ඩුව ගත්තොත් අරකට කොමිසමයි, මේකට කොමිසමයි කියලා කියනවා... එහෙම කළාම පසුගිය කාලයේ කරපු වංචා, දූෂණ ගැන බලනවා මිස වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති තරමට රටේ හොරකම්, වංචා, දූෂණ සිදුවුණා.. ඒවා සොයන්න වෙනමම අමාත්‍යාංශයක් හා අධිකරණ සෑම පළාතකම පිහිටුවන්න වෙනවා. එහෙම නැතුව ඒ ප්‍රශ්නය විසඳීමට කෙසේවත් බැහැ. නුඹලාට ඒවා සොයනවා හැර රට ගොඩනැගීමට කිසිම සැලසුමක් නැහැ වගේ නේද? නිකම් බොරු සෝබන එපා උන්නැහේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි
2024 මැයි මස 06 0 0

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිස


’’බන්ඩි’’ගන්න සල්ලි හෙට සිට
2024 මැයි මස 06 48 0

යල කන්නයේ වී වගාව සඳහා බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම් වලට හෙට(7) සිට මුදල් බැර කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට
2024 මැයි මස 06 539 2

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේද


කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප
2024 මැයි මස 06 609 2

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාර


T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්
2024 මැයි මස 06 844 0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක


පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්
2024 මැයි මස 06 403 1

ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1970 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1728 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site