
(රංජිත් රාජපක්ෂ)
ශ්රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්රදේශයේ නායයෑමේ අවදානමක් තව දුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්රී පාදස්ථානය කරුණා කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරින් ශ්රී පාද මළුව ට පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියෝ පැවසුහ.
දිට්වා සුලි කුණාටුවෙන් මහගිරිදඹ ප්රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිළධාරින් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා එම ස්ථානයේ නායයෑමේ අවදානමක් පවතින බවත්, ඒ සදහා පිලියම් යොදන ලෙස ලබා දුන් නිර්දේශ කිහිපයක් ක්රියාත්මක කිරිමට ශ්රී ලංකායේ යුද හමුදාවේ බට පිරිස් විසින් කටයුතු කර තිබුණි.
මේ වන විට එම ස්ථානය කොන්ක්රීට් පැතිබැමි යොදා පැයගැට පෙළ අලුතින් සකස් කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් ඊයේ (08) දින එම ස්ථෘනයට ගොස් පරික්ෂා කර බලා ඒ බව ශ්රී පාද භාරකාර හිමියන් හමුවේ පවසා ඇත.
ශ්රී පාද භාරකාර හිමියන් කියා සිටියේ මේ අනුව හැටන් මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ශ්රී පාදය කරුණා කිරිමට හැකි බවයි.ෙ
COMMENTS
පැන්නම බේරගන්න දෙයියා ඉන්න නිසා බයවෙන්න කිසිම කාරණයක් නෑ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට පුළුවන් බලය ලත් නිලධාරියෙකු ලවා කෙළින්ම පුවත්පත් මාර්ගයෙන් මහජනතාව දැනුවත් කරන්න අවදානමක් නැහැ, හැටන් මාර්ගයෙන් වන්දනාකරුවන්ට යන්න එන්න පුළුවන් කියලා.
දෙවියන්ට නාය යන එක පාලනය කරන්න පුලුවන්ද? ඉදිරියට තියෙන්නේ ආපදා බහුල වකවානුවක්. මිනිසුන් තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න එක නුවනට හුරුයි. වැස්ස නැති කාල වල සංචාර කලොත් හොඳ නැද්ද?