(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් අතුරුදන් වූ පුද්ගලයන් 203 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
පසුගිය 02 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබා ගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කරන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයකු, ඥාතියකු හෝ මිතුරකු අතුරුදහන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා තිබේ.
ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය සඳහා අයැදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ලැබේ.
2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දිට්වා‘ කුණාටුවෙන් අතුරුදන් පුද්ගලයන්ට මරණ සහතික