IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප

(ප්‍රසාද් රුක්මල් ) 

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  එක අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා නියම කළහ.

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයට ඉදිරිපත් වී අංක  5 යටතේ තරග කල මාතර  මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත්  උඩුව්ට (36) , මෙම තරගය සදහා  අංක  196 යටතේ තරග කල මහනුවර  පේරාදෙණිය  මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ .එම්.ඩිලාන් සංජීව (47)යන  තරගකරුවන් දෙදෙනාට මෙසේ ඇප නියම විය .

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයකින් ගේ සංගමය හා දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කර පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව වසර   පහකට පසුව  පසුගිය 21 වන දින යලි ආරම්භ කල ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදි පැවත්විණ.

එසේ මෝටර් රථ ධාවන තරග පැවත්වෙමින් තිබියදී තරගාවලියේ 18 වන ඉසව්ව ලෙස පැවති ෆෝඩ්/ ලේසර්මැස්ඩා එන්ජින් ධාරිතාව  1500 සී.සී.මෝටර් රථ  කාණ්ඩයේ තරගයේදී  මෙම තරගකරුවන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටි එක් මෝටර්රථය ක් ධාවන  පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදුවුනැයි පොලිසිය සදහන් කළේය .



අදහස් (2)

ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප

පිටිගල මිලානෝ Wednesday, 24 April 2024 07:44 PM

ප්‍රමිතිකරණයකින් තොර මෙවන් යමලොවට සුදුසු රේස් එකක් සංවිධානය කිරීම ගැන හමුදාපති සෘජුව වගකිව යුතුයි. හමුදා පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාධාරණ විසඳුමක් සිදුවන්නේ නැත. රටේ පවතින නීතිය අනුව මේ මරණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. අතුරු කමිටු අවශ්‍ය නැත. ගරු අධිකරණය ඉතුරු දේවල් බලාගනියි.

:       3       11

PATTA hora Thursday, 25 April 2024 08:14 AM

ක්‍රීඩාවක් යනු කුමක්ද නොදන්නා පොලීසිය සහ අ#@$නය. මෙහෙම ගියොත් ලංකාවේ ඇට බෝල ගහන්නත් බැරිවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
2024 මැයි මස 06 138 1

විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.


රට යවන ශාක වලට සහතික දෙන තැනක් ගාල්ලේ අරියි
2024 මැයි මස 06 91 0

විදෙස් රටවලට ශාක කොටස් සහ ශාක ආශ්‍රිත නිශ්පාදන යැවීමේ දී අවශ්‍ය කරන නිරෝධායන සහතික නිකුත් කරන මධ්‍යස්ථානයක් ගාල්ලේ දී විවෘත කෙරිණි.


චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
2024 මැයි මස 06 299 0

චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහක


අල්ජසීරා ඊශ්‍රායලයේ විකාශන-මෙහෙයුම් අත්හිටුවයි
2024 මැයි මස 06 337 0

ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


ලයිට් බිල තව අඩු කරන්න ආර්ථික කමිටුවෙන් නිර්දේශයක්
2024 මැයි මස 06 700 1

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිර


රජයේ ලොක්කෝ වාහන පර්මිට් තුට්ටු දෙකට විකුණලා
2024 මැයි මස 06 1422 0

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 503 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1960 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1718 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site