IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඒ.එච්.එම්.ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයට ලැබණු සුඛෝපභෝගී මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය .

පෙත්සම සම්බන්ධයෙන් දැනුම් දෙමින් වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසිී යැවමටද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මියගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණ.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ඇමති ඒ.එච්.එම්. ෆවුසි, ඔහුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් මහත්මිය ඇතුළු 08 දෙනෙකු නම්කර ඇත.

ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමණාකාර මධ්‍යස්ථානයේ පරිහරණය සඳහා සුඛෝපභෝගී ජීප් රථයක් පරිත්‍යාග කර තිබූ බවද වගඋත්තරකරු එම ජීප් රථය ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන තිබු බවද අමාත්‍යාංශයෙන් රුපියල් මිලියනයක් වැය කරමින් ජීප් රථය නඩත්තු කටයුතු කිරීමට ඔහු කටයුතු කර ඇති බවද පෙත්සමේ සඳහන් කර ඇත.

එම සිද්ධිය පාදක කර ගනිමින් ඇමතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා හතරක් යටතේ නඩුවක් ගොනු කෙරුණු අතර වගඋත්තරකාර හිටපු ඇමතිවරයා අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණය එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බවද සඳහන් කර ඇත.

අමාත්‍යාංශයේ පරිහරණයට ලැබුණු වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන අමාත්‍යංශේ මුදලින් වාහනය නඩතාතු කිරීම මගින් ඇමතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බවද පෙන්වා දෙන පෙත්සම්කරු ඇමතිවරයෙකු ලෙස පත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට වගඋත්තරකාර හිටපු ඇමතිවරයා දිව්රුමක් දී ඇතත් අදාළ වාහනය සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමෙන්  ඔහු එය කඩ කර ඇති බවත් පෙන්වා දී ඇත.

තම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද හිටයු අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කර සුදුසු වන්දියක් නියම කරන ලෙසද පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොතිබූ හෙයින් වගඋත්තරකාර හිටපු ඇමැතිවරයාගේ නම විවෘත අධිකරණයේදී කතා කළත් ඔහු අධිකරණයේ පෙනී නොසිටි හෙයින් විනිසුරු මඩුල්ල නඩු ගොනුව පරීක්ෂා කළ විට වගඋත්තරකාර හිටපු ඇමතිවරයාට යවන ලද නොතීසි ලැබී නැති බව හෙළි වීය.

 ඒ අනුව යළිත් වරක් වගඋත්තරකාර ඒ.එච්.එම්. ෆවුසි මහතාට නොතීසි  යවන ලෙස නියම කෙරිණි.



අදහස් (0)

ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site