(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළාය.
ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේදී පසුගිය 24 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතනවන පරිවාස සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය, ස්වාධින රූපවාහිනි සේවය, ලේක්හවුස් ආයතනය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන රාජ්‍ය මාධ්‍ය ආයතන මෙම සංසදය වෙත කැඳවා තිබිණ.
විශේෂයෙන් ළමා අපයෝජන සහ ළමා අපචාර සිදුවන අවස්ථාවලදී ළමයින්ගේ අනන්‍යතාවන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් අදාළ දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වන බව මෙහිදි සාමජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා වින්දිතයන් රැකීමට මැතිසබයෙන් අලුත් වැඩක්