
(බිඟුන් මේනක ගමගේ)
රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළැයි කියන පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අද(25) අත්අඩංගුවට ගත්තේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ලංකාදීප'යට පැවැසීය.
රූපවාහිනී පසුතල නිර්මාණකරුවකු යැයි කියන මෙම පුද්ගලයා දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය. අපයෝජනයට ලක් වුණැයි සැක කෙරෙන දරුවන් අතර ළමා නළුවන් සිටින්නේ යැයි ද අපයෝජන ක්‍රියා වීඩියෝ දර්ශන හැටියට නිර්මාණය කර ඇතැයි ද ඔහු කීය.
සැකකරුගෙන් හෙළි වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනදී පෙන්වන්නේ ළමා අපයෝජනවල එක් පැත්තක් පමණයි. නමුත් මෙම දරුවන් මානසිකවත් දැඩිසේ අපයෝජනය වෙනවා කියලා ළමුන් සම්බන්ධ දෙපාර්තමේන්තුවක සේවය කල කෙනෙකු ලෙසට මට කියන්න වෙනවා. එබැවින් හැකි නම් මෙම වැඩ නතරකළ යුතුයි.
දෙමාපියනි, මෙවැනි වැඩසටහන්වලට ඔබගේ දරුවා නොයවන්න. ඔබ එව්වාට ඔවුන් යවනවා නම් දරුවා ඒ ස්ථාවලට ගිය මොහොතේ සිට ඔවුන් එයින් පිටවෙන තුරා ඔබගේ දසුනෙන් ඈත් නොවන්නට වගබලා ගන්න.
මේවා දැන්ද තේරෙන්නේ..?
මෙම තිරිසනාගේ නමක් ගමක් සදහන් නොකරේ මන්ද? ඔහුව ආරක්ෂා කිරීමට යම්කිසි උත්සාහයක් දරනවා යන්න කිසිවෙකුට නොසිතෙන්නේද?
මේ වගේ දේවල් ගැන මහාචාර්ය නන්දසේන රත්නපාල හුඟක් පර්යේෂණ කළ කෙනෙක්. ඒ කාලේ රියලිටි තිබුණේ නෑ. සංගීත සංදර්ශනවල නටනවා, එළිවෙනකල්. අද ඉන්න සමාජ විද්‍යා මහාචාර්යවරු කරන්නේ සීනිබෝල පර්යේෂණ. ඔය රියලිටි ෂෝ වලට සම්බන්ධ අය, රියලිටි එන ළමයින්ට, ඒ ළමයින්ගේ අම්මලාට කරන යෝජනා ටෙලිෆෝන් කෝල් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සමහර පවුල් කැඩිලා විසිරිලා ගිහින්. ළමා පරපුර කොච්චර අසරණද? තිරේ ඉස්සරහ පෙන්නන දේවල්, බැලුවම තිරේ පිටුපස්සේ වෙනදේවල් පොඩි ළමයෙකුට වුණත් හිතාගන්න පුළුවන්. මේ මනුස්සය තිරේ හදන කෙනෙක්, ඉතාම සුළු බලයක් තියෙන කෙනෙක්. මීට උඩ ඉන්න අය මොනතරම් විදියට මේ වැඩ කරනවා ඇද්ද? හරි නම් ළමා ආරක්ෂණ අධිකාරිය සෑම රියලිටි ෂෝ එකක්ම අධීක්ෂණය කරන්න ඕනේ... අද ගෙදරයි, ඉස්කෝලෙයි අතර දෙමාපිය, ගුරුවරු ඉන්දැද්දී කීදෙනෙක් දිනපතා මේ දේවල්වලට මුහුණ දෙනවද?
අපොයි දෙයියනේ. දෙමව්පියන් දරුවන් ගැන තියෙන අවධානය හරිම අඩුයි. ඒ වගේම දරුවන් වෙනත් පුද්ගලයන්ට බාර දීලා යනකොට විමසිලිමත් වෙන්න එපෑයැ. දරුවන්ව විවිධ තරඟවලට යවන්න දෙමව්පියන් අතරේ පුදුම තරඟයක් තියෙන්නේ. අන්තිමට අහිංසක දරුවන් විකෘති මානසික ලෙඩ්ඩුන්ගේ ග්‍රහණයට අසුවෙනවා. අනිත් කාරණය තමයි අපයෝජනයට ලක්වෙන දරුවන්ව මානසික චිකිත්සනයට යොමු කිරීම... ඒ ගැන අවධානය හරිම අඩුයි. අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුදු 13ට අඩු දරුවන් තනි තනි තරඟකාරී ක්‍රීඩාවල යෙදවීම තහනම් කළා කියලා දැක්කා. ඒක ඉතාම හොඳ තීරණයක්. ඒ වගේම අවුරුදු 13ට අඩු දරුවන් තරඟකාරී රියැලිටි ෂෝ වලට ගන්න එකත් වහාම තහනම් කරන්න ඕනේ...
ළමුන් බේරාගන්න ඕනේ නම් ඉස්සෙල්ලාම හීන ලෝකවල ජීවත්වෙන අම්මලාගේ ඔලු සුද්ද කරන්න වේවි.
බුද්ධිමත් දෙමව්පියන් තම දරුවන් මෙවැනි වැඩසටහන් වලට යවන්නේ නෑ
තරාතිරම නොබලා මෙවන් අයට නිසි දඬුවම් දිය යුතුයි. මේ ක්ෂේත්රයේ තියෙන වටිනාකම අයුතු විදිහට යොදාගත් මොහුට එම ක්ෂේත්රයේ සියලු මාර්ග හා වරප්‍රසාද දීම වහා නැවැත්විය යුතුයි.
ඇයි මේවා කරන අයගේ නම්ගම්, විස්තර ප්‍රසිද්ධ කරන්න බැරි? බයද එහෙම නැත්නම් ඒ අයගේ ආයතනවලට පාඩුවෙයි කියලද?
දෙමාපියන්ට අවශ්‍ය වන්නේ ළමයා "ස්ටාර්" කෙනෙකු කිරීමටයි.
ළමයි ඇවිත් රස්තියාදු කාරයන් වගේ වැඩිහිටි ආදර ගී කියනකොට වැඩිහිටියන් උඩ පැන පැන නැටුවා. අන්තිමට අම්මයි දුවයි නැටෙව්වා. එක්කො සාමාන්‍ය ජනතාවට බුද්ධියක් තියෙන්න ඕනෑ.. නැත්නම් මේ ක්‍රියා නියාමනය කරන්න ඕන. ළමයින්, ළමයින් විදිහට තියන්න ඕනෑ. දැන් බලන්න වෙලා තියෙන දේවල්. තව මොන මොනවා සැඟවෙලා ඇද්ද?
මෙතන නම් හොඳටම මාධ්‍ය ආචාර ධර්ම රකිනවා නේද? ඕකෙ නමත් දැම්මානම් තව ළමයෙක් හරි බේරෙයි නේද? මොකද ඔය ආයතන කවදාවත් ඕක කියන්නේ නෑනේ. හෙටත් ඇවිල්ලා කියයි අපි තමයි ළමයින්ට හොඳම අය කියල .
ඉතාමත් හොඳ ක්‍රියාවක්... හැබැයි මේ පුද්ගලයා වැඩ කරපු ආයතනය, මේ තරග ගැන ප්‍රචාරය නොකර ඉන්න. මොකද ඒවාට සම්බන්ධ වුණු දරුවන්ටත් යම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්... මේ වගේ අයට අනිවාර්යයෙන්ම මරණ දඬුවම වැනි දැඩි දඬුවම් දෙන්න ඕනේ...
ඕකට අරාබියේ දඬුවම් දීලා උපරිම දඬුවම් දෙන්න. එතකොට මින් පස්සේ වෙන අයත් ඔය වගේ පහත් වැඩ කරන්නේ නැහැ. මේ අයගේ නම් වහාම එළිකරන්න.
මේ දරුවන්ගේ ලැජ්ජා බය මුලින්ම නැති කරන්නේ අම්මලා තාත්තලා.. ළමයි රොබෝලා වගේ වැඩිකල් නොගිහින් අපට ළමා පරපුරක් නැතිවෙනවා.. පෙරපාසල් යන දරුවා නටනට කියන සිංදුවලට අත්පොළසන් දෙන හැමදෙනාම මේවට වගකියන්න ඕනෑ... තව වුනේ නැහැ...
අර චැනල් දෙක නේද.?
මව්පියන්ට මේවා හොඳ පාඩම්.
මේ වැඩ වලට සහයෝගය දී තම දරුවන් නොමග යැවීමට කටයුතු කල මවු පියන් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
මෙවැනි ක්‍රියා නවත්තන්න සමහර රටවල් වල ළමයි සමග වැඩ කරන අය ක්ලියරන්ස් එකක් ගන්න ඕන. ඒ උනත් ඕක නතර වෙන්නෙ නෑ. පලමු වරද කරල අහුවෙනකන් බ්ලැක් ලිස්ට් වෙන්නෙ නෑ. ඒ නිසා දෙමවුපියන්ගේ වගකීම තමා ඇහැ ගහගෙන ඉන්න එක.
මාධ්‍ය විසින් අපේ දරුවන්ට කරන මහා විනාශය මේ අපයෝජනය පමණක් නොවේ. රජයේ වගකිවයුත්තන්ට දැන්වත් අවබෝධ වේවා.
ලසන්ත හරියට හරි. මේ වැඩසටහනකට දරුවකු යැවීමම මානසික අපයෝජනයක්. එක දරුවෙක් පමණක් දිනනවා. දක්ෂ වුනත් අනෙක් දරුවන් ඔක්කොම අඬනවා. ඔවුන්ගේ මහන්සියෙන් හෝ දක්ෂතාවෙන් වැඩක් නැහැ. ඒ මදිවාට තිරය පිටුවස අපයෝජනය වෙනවාලු. මෙහෙම රටක් කවදා දියුණු වෙයිද?