
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මතට ඇබ්බැහි වූ මාපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබීම නිසා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය මගින් අධිකරණයට ඉදිරිපත් කොට හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදී තිබූ නව හැවිරිදී පාසැල් දරුවෙකු ඉන් පලාවිත් සිය පියා සොයා යමින් සිටියදී පොලිසිය මගින් සොයා ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
මෙසේ භාරයට ගෙන ඇත්තේ බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු බව පොලීසිය කියයි.
මත්තේගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්තේගොඩ හන්දිය අසල රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී කුඩා දරුවෙකු රාත්‍රී 08.30 පමණ තනිවම මාර්ගයේ ගමන් ගන්නා අයුරු දැක තිබේ. පසුව එම නිලධාරියා මෙම දරුවා නවතා තොරතුරු විමසීමේදී මෙම තොරතුරු හෙළිකොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත නැවත කියමි. ළමා නිවාස ළමයින්ගෙ හිර ගෙවල් මෙනි. ඔවුනට ආදරය අවශ්‍යයි. එය නොලැබෙන බැවින් කිසිත් නොදන්නා දරුවන් අනතුරු දායක තීරණ ගනී.
දෙමව්පියන් කෙතරම් වැරදි කෙරුවත්, දරුවෙක් කොහොමද දෙමව්පියන් නැතුව ජීවත් වෙන්නේ.. මේ එහි ප්‍රතිපලයක්..
සත්‍යවශයෙන්ම මෙන්න මේක තමා වැඩිහිටි අය අවිවාදයෙන්ම පිළිගතයුතු කාරණය .ළමයාට දෙමව්පියෝ විතර කිසිවෙක් ලොකු නැත