
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩිහිටියන්ගේ ගිණුම් වලින් පමණක් නොව ළමයින්ගේ ඉතිරි කිරීමේ ගිණුම් වලින් පවා රජය සියයට පහක් කපා ගැනීමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද(7) ප්‍රකාශ කළේය.
ලක්ෂයට අඩු ආදායම් ලබන අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය කිරීම නැවැත්විය යුතු බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.
සාමාන්‍යයෙන් ලක්ෂයට වැඩි ආදායමක් උපයන අයගෙන් තමයි බද්දක් අය කළේ. දැන් ඒ නීතිය රජයෙන්ම කඩලා. ලක්ෂයක ආදායමක් නැති ඉතිරි කිරීම්වලින් සියයට පහක් අය කිරීම නීති විරෝධීයි. වැඩිහිටියන් වෙනුවෙන් යහපාලන කාලේ ලොකු පොලියක් දුන්නා. සියයට පහළොවක්. අපි මේ පොලී ගැටලුව ගැන ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා. ලබන අවුරුද්දේ වැඩි කරන්නම් කියලා කිව්වා.
ආර්ථික තත්වය අනුව පියවරෙන් පියවර හරි පොලිය වැඩිය කරන්න. මේක ලොකු ප්‍රශ්නයක්. වැඩිහිටියන්ගේ මේ ප්‍රශ්නය සොයා බලන්න කියලා රජයෙන් ඉල්ලනවා.
අනීතිකව කපපු සියයට පහ ආපහු දෙනවා කියල මුදල් රාජ්‍ය ඇමති කිව්වා. ඒත් තවම ගෙවලා නෑ. ඒකට පස්ස ගහනවා. ජනතාව වැඩිහිටියන් විදින පීඩාව ගැන හිතලා අනීතිකව අය කරපු සියයට පහ මාසයක් ඇතුළත ගෙවන්න කියලා මම ඉල්ලනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට බරක් නොවී ඉතුරුකරල ජීවත්වෙන වැඩිහිටියන්ට ඇයි කරදර කරන්නේ.ඒ කවුරුත් සහනාධාර පින්පඩි ඉල්ලන අය නොවේ.ඇත්තටම හැටට වැඩි අයගේ ඉතුරුම්වලට බදු ගැසීම මුලුමනින්ම නවත්තන්න ඕන
හොඳ යෝජනාවක්, ලැජ්ජා නැති ආණ්ඩුව නාකින්ගේ පොලියටත් කෙලිනවා, සියඹලාපිටිය පහුගිය දවස්වල තැන තැන කියව කියවා ගියා වීරයා වගේ වැඩිහිටි පොලිය ගෙවනවා කියලා මම කිව්වා. ඔයා කියන ඒවා නොකෙරෙන බව. දැන් ජනාධිපති ඒක ලබන වසරට කල් දාලාලු. එයාට ලබන වසර ගෙදර හරි, හිරේ හරි, පරලොව හරි තමයි...
හොඳට හිටීවි, එතකොට රටට, ජනතාවට වැඩකරන මිරිස් කුඩ්ඩන්, බඩ තඩි කප්පම්කාරයින්, වම්බොට්ටන්, රත්තරන්ලා වගේ අය නඩත්තු කරන්නේ කොහොමද?