(නිමල කොඩිතුවක්කු)
ළමා අපචාරවලට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ළමා හිංසනය, අපචාර දැවැන්ත ඛේදවාචකයක් වී ඇති බවත් රජයේ බලධාරීන් පවා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජයේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම නොව ළමා අපචාර මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීම බවත් ප්‍රේමදාස මහතා කීවේය.
සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 40 වැනි අදියර යටතේ අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි අපචාරකරුවන්ට ලිහිල් දඩුවම් ලැබී අවසානයේ රජයේ බදු මුදලින් ඔවුන් සිරගෙයි නඩත්තු වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ළමා අපචාර සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙන විත් නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරමින් ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බවත් ඊට අමතරව පවතින නීති සංශෝධනය කරමින් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
යුගයේ මානුෂීය මෙහෙයුම ලෙස ළමා අපචාර මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ යොදා ගත යුතු බවත් ඒ සඳහා විපක්ෂයක් ලෙස උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා අපචාරවලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න