
(බිමල් ශ්‍යාමන්)
යතුරුපැදි එන්ජින් හොර රහසේ ආනයනය කර යතුරුපැදි එකලස්කර විකිණීමේ යෙදුණු බව කියන ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා යතුරුපැදි එන්ජින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.එම සැකකරු සමඟ විවිධ වර්ගයේ යතුරුපැදි එන්ජින් 16 ක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාසය අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත පිරිසක් එක්ව කළ වැටලීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
අනතුරුව ව්‍යාපාරිකයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ගබඩාවක ඉතා සූක්ෂමක ලෙස සඟවා තිබූ තවත් යතුරුපැදි එන්ජින් 15 ක් සොයා ගැනීමට හැකිවූ බව බැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd