IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හෙල්ල විසි කිරීමේ ශූරයාට රජයෙන් ලොකු තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටවූ රුමේෂ් තරංග ක්‍රීඩකයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.

මෙම හමුවේදී අමාත්‍යවරයා කීවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා හෙල්ල විසි කිරීමේ තරගාවලිය සහ 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික්  තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අවශ්‍ය මැදිහත් වීම කරන බවයි.

මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, මීටර් 86.50 ක් දුරකට හෙල්ල විසි කිරීමෙන් ලෝකයෙන්ම හත්වන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ සුරක්ෂිතව රඳවා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි.

 



අදහස් (0)

හෙල්ල විසි කිරීමේ ශූරයාට රජයෙන් ලොකු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site