(රෝෂන් තුෂාර)

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) වරෙන්තු නිකුත් කළේය.

ඇප මත සිටියදී නඩු විභාගයක් සඳහා අධිකරණයේ  පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

ඇපකරුවන්ට නොතීසි හා සිතාසි  නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2022 වසරේදී ජනාධිපති මන්දිරයේ ගේට්ටුව  අසල උද්ඝෝෂණයේ නිරත විමසම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මෙම වරෙන්තුව නිකුත් කර ඇත.