IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ලොක්කෙක් පාපන්දුවේ කෝටි 5 කට විදලා

 

(සුජිත් හේවාජුලිගේ)

තරඟාවලි විනිසුරුවන් සඳහා මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  හිටපු මූල්‍ය  කළමනාකරු විසින්  රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස  කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  පසුගියදා නිර්දේශ කර ඇත.

කමිටුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  සභාපතිවරයාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ  සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවයි.

මේ අතර පාපන්දු සම්මේලනයට 2017 වසරේ සිට නිසි ප්‍රසම්පාදන සැලැස්මක් නොතිබීම සම්බන්ධයෙන්ද  කාරක සභාවේ අවධානය යොමුවී ඇත.

ආයතනයේ ප්‍රසම්පාදන සැලැස්ම පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් මහතා විසින්  එහි අලුත්ම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා  බාර දෙනු ලැබූ අතර  මේ තොරතුරු සඳහන් වන්නේ ඒ වාර්තාවේය.



අදහස් (4)

හිටපු ලොක්කෙක් පාපන්දුවේ කෝටි 5 කට විදලා

ranjith Saturday, 02 July 2022 10:24 AM

රටේ ඉහළම සිට පහළටම හොරකම තමයි. ජනතාව සතු මුදල් මෙහෙම එක එක පුද්ගලයන් අත්පත්කරගැනීම අපරාධයක්... වංචාවේ ප්‍රමාණය පුද්ගල තරාතිරම නොබලා, මහජන මුදල් හොරාකන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදෙන්න. නැතිනම් මේ රට හදන්න බෑ...

:       1       8

nandaSaturday, 02 July 2022 08:31 PM

හොරකම් කරන්න අකමැති නීතියට බය කට්ටිය ඉන්නපාටයි

:       0       0

විපරමා Saturday, 02 July 2022 07:46 PM

දූෂිත පාලකයෝ රටම හොරාකන කොට අනික් අය නිකම් ඉන්දීවිද ?

:       0       0

Sujeewa Saturday, 02 July 2022 09:42 PM

මේ අපේ රටේ දුප්පතුන්ගේ බදුමුදලින් අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාලවලින් උපාධි ලබාගත් අය... දුප්පත් අපිටම කෙළින ක්‍රමයයි. අපි තමයි එයාලාට උගන්වන්න වියදම් කළේ.. නමුත් දේශපාලකයින්ටත් වඩා ජරාම ජාතියක් බවට පත්වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 4 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 224 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 454 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 262 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 228 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 481 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site