IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  පාස්කු ඉරු දින ප්‍රහාරයට  මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ   සම්බන්ධතාවක් ගැන   හෝ  කිසිදු  තොරතුරු හෙළි කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය

ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.

පාස්කු සිද්ධිය ගැන දින එකොළහක් විවාද පැවැත්තුවා. මේ ප්‍රශ්නයට සියලු දෙනාට උත්තරයක් අවශ්‍ය නම් මේක දේශපාලනයට හරවගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේක බලන්න ඕන. පොලිසියත් ඒ අයගේ නීතිඥවරුන් එකතුවෙලා මේක බලන්න කියල මම කියනවා. පොලිසියේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු දේ බලලා ඔක්කොම එකතුවෙලා මේක අවසන් කරමු.  නැත්නම් මේ විවාද දිගටම තියේවි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. ඔහු මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ   සම්බන්ධතාවක් පිළිබඳව  කිසිවක් කියල නෑ. දැන් ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා.  ඒ නිසා මම ඒ ගැන වැඩි දුරටත් කතා කරන්න යන්නේ නැහැ.

බුද්ධි අංශයේ සුරේෂ් සලේ  සහරාන් හසීම් සමග සබඳතා පවත්වා ඇතැයි කිසිදු වාර්තාවකින් තොරතුරු හෙළිදරව්වීමක් සිදුවී නැහැ.

මේ පරීක්ෂණ අවසන් කරන්න අපිටත් අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනා මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලනවා.



අදහස් (4)

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්

Prabha Friday, 26 April 2024 06:59 PM

ටිරාන් අලස් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක කිසිදු ගණුදෙණුවක් කරලා නැතිනම් අපි ඔය කියන දේ පිළිගන්නවා.

:       51       30

Wasantha jayasingha Friday, 26 April 2024 08:00 PM

මේ අපරාදේ වුණ කාලේ ජනාධිපති ආරක්ෂක ඇමැති මේ කරන සෙල්ලම නවත්වන්න මෙයා අත්අඩංගුවට නොගන්නේ ඇයි? නීතිය එක හා සමාන විය යුතුයි.

:       39       24

Wasantha jayasingha Friday, 26 April 2024 08:50 PM

කෝ අලුත් කලා අදහස...!

:       30       13

චන්දිම Saturday, 27 April 2024 10:45 AM

මෙයා පාර්ලිමේන්තුවේදී කිව්වා නේද සිරිසේන කියලා තියෙන දේ අතර ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන අයෙක් තමයි සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔය පොහොට්ටු පක්ෂේ හැමදේම ඉහළින් ඉඳන් සංවිධානය කරපු එවැනි පුද්ගලයෙක් වත් ඉන්නවාද දන්නේ නැහැ ඔය කියන සුදුසුකම සපුරන... ඒ වගේම එක පාරම නම් කරලා අත්අඩංගුවට ගන්න දැම්මම බැහැ වගේ බලධාරීන්ට හිතෙන...

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළට ආශිර්වාද ගන්න ගිය සිසුවා මරුට
2024 මැයි මස 06 321 1

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේද


කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප
2024 මැයි මස 06 326 0

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාර


T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට චන්ග්ගෙන් සුභ පැතුම්
2024 මැයි මස 06 543 0

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක


පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්
2024 මැයි මස 06 281 0

ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියු


පරාතේ තහනම් නීතිය හෙට මැතිසබයට
2024 මැයි මස 06 193 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්
2024 මැයි මස 06 572 0

තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 509 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1969 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1724 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site