
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය එස්. බි දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයකුට සුරා බදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා රුපියල් 27,500,000/= මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
හඟුරන්කෙත ප්රදේශයේදීී අත්අඩංගුවට ගත් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදු දේශපාලනයක් කරපු මේ වගේ සද්ගුණවත් සත්පුරුෂයින් කවදාවත් කාගේවත් සල්ලි වංචා කරන්නේ නැහැ. ඒකාමලබද්ධේ මහත්තුරු වුණත් රට ගැන විතරමයි හිතන්නේ. බඩට නොකා සේවය කරන මේ ප්‍රභූන්ගෙන් පලිගන්න එක වහාම නතරකළ යුතුයි.
අයිය දාර හොරා, මල්ලිත් තකට තක...