(සුජිත් හේවාජුලිගේ)


ඕස්ට්‍රේලියාවට  ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු විශේෂ කාරක  සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය

එහි සභාපතිවරයා සහ බහුතරය විපක්ෂයට හිමිවිය යුතු බවද   ඔහු සඳහන් කළේය.

මේ සිද්ධිය මාස  හතරකට අධික කාලයක් පාර්ලිමේන්තුවට සහ මුදල් කාරක සභාවට  හැංගූ බව  විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේය.