
(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු තරුණයින් 08 දෙනා අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කලේය.
හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.
මෙදින වන විටත් අතවරයට පත් දැරිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (24) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව කල් තබා ලබන නඩු දිනයේදී පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසද මෙහිදී නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූණු වහගෙන යන්න දෙන්න හොඳ නෑ මේ වගේ අමන අපතයින්ට. රටටම පේන්න අරන් යන්න ඕන.
ස්ත්‍රී දූෂකයින්ගේ, ළමා දූෂකයින්ගේ අහවල් ලින්ගේන්ද්‍රය කපලා උයලා ඔවුන්ටම කන්න දෙන්න ඕනෑ. මේ රටේ නීති පද්ධතිය අනුව ඕනෑම වැරැද්දක් කරලා සතියෙන් දෙකෙන් නිදොස් කොට නිදහස්... නීති, දඬුවම් දරුණුවිය යුතුයි. එවිටයි මෙවැනි රටක් හදන්න පුළුවන් වෙන්නේ...
මේ වගේ අපතයන්ට උපරිම දඩුවම් දෙන්න ඕන
ලබාගත්ත මන්දබුද්ධික චුන් එකට ගෙවාපල්ලා මුළු ජීවිතෙන්ම. උඹලාගේ මේ උප්පත්තියම ඉවරයි කියලා චූන් එකට ඉස්සෙල්ලා හිතුනෙම නැද්ද… අඩුම ගානේ එක හරකෙකුට…? යකෝ හන්දියක් ගානේ ස්පා තියෙන්නේ උඹලා වගේ එවුන්ට කියලා දන්නේ නැද්ද…? රුපියල් දාහකින් කරගන්න තිබුන වැඩේ කරගත්තේ මුළු ජීවිතෙන්ම ගෙවලා….
ඇතුලේ ඉන්න අයියලා මුන්ගේ කුට්ටම් ටික තලලම දාන්න නැවත ජීවිතේටම වැඩක් ගන්න බැරිවෙන්න . එතකොට මැරෙන කනම මුන් විඳවනවා
කෝ මේ කාන්තා සංවිධාන...!
අපේ රටේ තියෙන නීතිය හරි දුරුවලයි. සති දෙකකින් ගෙදර. ඒ නිසා අපරාධ කාරයෝ වැඩියි...
මුහුණ වහගෙන යනවා. මුහුණ ඇරගෙන යන්න බැරි දේවල් කරලා.
ඇයි මේ කාන්තාව දෙමාපියන් වුණේ?