IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ

 

(ඔගස්ටින් ප්‍රනාන්දු)

කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා  ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් කැප කර ඇති දෙව්මැදුරේ වාර්ෂික පෙරහැර අද ( 30)  පස්වරුවේ ගම වටා වීදි සංචාරය කරමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ.
 
සෑම වසරකම මැයි 1 වන දින ජුසේ මුනිදුන් නමින් මංගල්‍ය පැවැත්වෙන නමුත්  පාස්කු ප්‍රහාරය නිසා පසු ගිය වසරේදිත් කොරෝනා රෝග තත්ත්වය මත මේ වසර‍ෙදීත්  මෙම පෙරහැර පැවැත්වීමට නොහැකි විය. කෙසේවෙතත්, අදාළ නීති රීතිවලට යටත්ව පෙරහැර පැවැත්වීමට ඊට හලාවත පොලිසිය නිසි අවසර ලබා දී තිබුණි.
 
බණ්ඩාරවත්ත මීසම් සේවක සුමේධ කෝලිත පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික කටයුතු නිසි ලෙසින් ගාම්භීර අයුරින්   පවත්වමින් සමාජ දුරස්ථ භාවය රකිමින් ශුද්ධ වූ ජුසේ මුණිදුන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර වීදි සංචාරය ආරම්භ කළ අතර කිතුණු බැතිමත්හු ප්‍රතිමාව සිය නිවෙස් ඉදිරියෙන් ගෙන යන අවස්ථාවේ දි ඊට ගරු බුහුමන් දැක්වුහ.
 
කුමන තත්ත්වයක් යට‍තේ වුවත් තම ආගමික කටයුතු බාධාවකින් තොරව  පවත්වාගෙන යාමට උනන්දුවක් ඇත්නම් හැකි බව මෙම පෙරහැර මගින් සමාජයට යහපත් පණිවුඩයක් ලබාදුන්නේය.



අදහස් (7)

හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ

ලියනගේ Saturday, 30 May 2020 02:26 PM

වෙසක් දවසටත් ඇඳිරි නීතිය, පොසොන් දවසටත් ඇඳිරි නීතිය. අපට තමයි මේ ඔක්කොම නීති. හැබැයි අනෙකුත් අය නම් කිසිම ප්‍රශ්නයක් නැතිව ඒ අයගේ ආගමික උත්සව, අවමංගල උත්සව කරනවා.

:       83       104

සමිත සේනක අලුත්ගමගේ.Monday, 01 June 2020 02:34 AM

ලියනගේ මහතා,මාත් බෞද්ධ. මේ මිනිසුන් අප වගේ නෙමෙයි ආගම අදහන්නේ. බලන්න තියෙන හැදියාව හා සංවරකම. අපේ පෙරහැරවල් මෙහෙම තියන්න පුළුවන්ද? බොහෝ දෙනා ඔබතුමාල අපි වගේ නොවෙයි නේද? පෝය දවසකට සමහර පන්සල් වලට යන්න පුළුවන්ද ? ගොරහැඬි හඩින් මහා සද්දෙට විරිදු දාලා. කන් කරච්චලේ බැහැ. ප්‍රසිද්ධියේ කතා කිරීමට බැරි දෙත් තියෙනවා.සමහර චීවරධාරීන් බුදුහාමුදුරුවන්ට වඩා දේශපාලකයන් තමයි වන්දනා මාන කරන්නේ. ප්‍රධාන අරමුණ සල්ලි ගැරීම. තවත් දේ බොහෝමයි. මේ සිදුවෙන දේ බුදුහාමුදුරුවෝ දැන සිටියා.මිනිස්සු මේ ගැන දැනුවත් වී නිර්මල බුදු දහම ආරක්ෂා කරගත යුතුයි. දහම කාරතියාගෙන යාමෙන් වැඩක් නැහැ.මේ ප්‍රණීත උතුම් දහම සිහි නුවණින් අවබෝධ කරගත යුතුයි. ඇඟේ හයියට බුදු දහම අවබෝධ කරගැනීමට බැහැ.එයට ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කළ යුතුයි.සසරින් එතෙර විය හැක්කේ එවන් පිරිසිඳු බෞද්ධයාටයි.දහම කරතියාගෙන යන්නාට එසේ නොහැකිය. අද අප රටේ බොහෝවිට කෙරෙනුයේ දහම කරතියාගෙන යාම මිස අන් කුමක්ද ?

:       0       123

NimalMonday, 01 June 2020 12:21 PM

සමිත මහත්මයා මෙහෙම පෙරහැරවල් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් වල කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. මේ කිතුණු ඉගැන්වීමක් නොවේ. එසේ ඇතිනම් මා ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා මා හට එවැන්නක් පෙන්වා දෙන්න කියා.

:       0       0

NimalMonday, 01 June 2020 12:16 PM

ලියනගේ මහත්මා, වෙසක් දවසේ පොසොන් දවසේ බොදු පින්වතුන් බුදුන් වහන්සේ උගන්වා වදාළ කටයුතු වල නිරත වුණත් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උගන්වා වදාළ දෙයක් නොවේ. මෙවැන්නක් ශුද්ධ බයිබලයේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ...

:       0       0

vidya Saturday, 30 May 2020 09:06 PM

මින් ඉදිරියට සෑම ආගමික උත්සව කරන්න ඉල්ලුවොත් මොකද කරන්නේ ? එහාකොට කුඹි ගුලක් ඇවිස්සුවා වගේ. ආයෙමත් අවුල් වෙනවනේ.

:       5       34

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 02:55 AM

සහරාන් වයිරසය ලැබ දුන්නත් පාඩු .. කොරෝනා වයිරසය ගෙන දුන්නත් පාඩු .. විඳගෙන සියළු දුක් නිමකොට අඩුපාඩු .. පෙරහැර පුබුදුවයි බැතිනෙත් දුකෙන් හැඬු ..

:       0       30

saman Sunday, 31 May 2020 06:03 AM

හිතාමතාම නිරෝධායන නීති කඩන දෙමළ, මුස්ලිම් ජනයාට මේ කතෝලිකයන් හොඳ ආදර්ශයක්...

:       233       114

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site