
(නන්ද එස්. ඒකනායක)
හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත.
ඒ අනුව කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා මරාදමා පියා ගින්නට පැනීම නිසා පිලිස්සී මියගොස් ඇති බවට ෙහලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ,ඉලංගරත්න බන්ඩා මහතා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.
හලාවත - සිංහපුර , දෙමහල් නිවසක් පසුගිය 20 වෙනිදා අලුයම ගිනිගැනීමෙන් එකම පවුලේ මව , පියා හා දියණිය මරණයට පත්විය.
ඒ සිද්ධිය පිළිබදව හලාවත පොලීසිය විසින් මෙය මිනී මැරුමක්ද නැතහොත් දිවිනසා ගැනීමක් ද යන්න පිළිබඳව සිදුකරන ලද විමර්ශන වලදී සැකය මියගොස් සිටි ගෙහිමියා දෙසට යොමු වි තිබූ අතර මේ පිළිබඳව හලාවත මහ රෝහලේ දී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙදී එම සැකය තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව මෙය ද්විත්ව මිනීමැරුමක් හා සියදිවි නසා ගැනුමක් බවට හෙළි දරව්වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ 87-89 කාලය මතක් කරමින්, ආණ්ඩුවක් නැති, ඉන්න හිතෙන රටක් කියමින්, කෑ කෝ ගහපු උදවිය? අපරාධ, සොරකම්, මත් ජාවාරම් නැතිකරපු ලෝකයේ කිසිම රටක නෑ, හැබැයි, ඒ සියල්ල මැඩපැවැත්වීමට පවතින රජයේ අවංක කැපවීම එවැනි අපරාධ, සොරකම්, මත් ජාවාරම් සීඝ්‍ර ලෙස අඩුවීමට හේතුවනු ඇත. මෙතෙක් කලක් තිබුණේ දේශපාලන රැකවරණ ලද පාතාලයක්, දේශපාලන රැකවරණ ලද මත්කුඩු ජාවාරම්, දේශපාලඥයන් විසින් කරන ලද මහජන දේපළ ප්‍රසිද්ධියේ කොල්ල කෑම පමණයි. දැන්වත් පක්ෂ-පාට කරේ තියන් බත්කන හරක් වගේ තප්පුලන්නේ නැතිව, තමන්ගේ දරු-මුණුබුරන්ගේ අනාගතය ගැනවත් හිතලා පාඨක ඔබ කටයුතු කරන්න. එතකොට, ඇත්තටම "ඉන්න හිතෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්වේවි".
ඔව් ගෙට ගිණි තිබ්බම අනෙක් සාක්කිත් අතුරුදන් වෙලා ඇති.
වටපිටාවේ කැමරා ඔක්කොම පරීක්ෂා කරන්න කෝකටත්.
මේ මරණ සම්බන්ධයෙන් තීරණය දිය යුත්තේ මේ පිළිබඳව මහෙස්ත්‍රාත්වරයකු විසින් කරනු ලබන හදිසි මරණ පරීක්ෂණයකින් පසු පොලිසියෙන් ඉදිරිපත් කරන විමර්ශන වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සළකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් නොවේද? මේ ප්‍රවෘත්තිය අනුව නම් තේරුම් යන්නේ අධිකරණ වෛද්‍යවරයා සහ පොලීසිය මරණයට හේතුව තීරණය කර ඇති බවයි.