(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ රටේ  මුහුදේ හාල්මැස්සන් ඕනතරම් සිටියදී හාල්මැස්සන් කරවල  ගෙන්වීමට වසරකට රුපියල් කෝටි 995ක් වැය කරන බව  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නැව විනාශ වීමෙන් කුඩා මාළු කෝටි ගණනක්  දියවී  ගිය බවද  ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.