(සමන් පාලිත නානායක්කාර )

හාලිඇල  ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද( 20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙසේ  ඉවත්කර ඇත්තේ ස්ප්‍රීන්වැලි වත්ත අංක 5 කොටසේ අංක හතර නිවාස පේළියේ පදිංචිව සිටි පවුල් දහයකි.

නිවාස පේළිය යටින් ඇති  ඉවුර  නාය යාමක් සිදු වී ඇත. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ස්ථානය පරීක්ෂාකිරීමට නියමිත බවත් එම ආයතනය  ලබා දෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  පැවසීය.