(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ සහල් ඇසුරුම් මලු මිලදී ගැනීමේදී රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් වංචා කළ සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
2018 වසරේ කළ මිලදී ගැනීමකදී වී අලෙවි මණ්ඩලයේ මෙම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනා මෙම වංචාව කර ඇතැයි පැමිණිලි ලැබී තිබිණි.
අදාල වංචාව සම්බන්ධයෙන් වසර පහක් තිස්සේ කළ විමර්ශනයකින් අනතුරුව අදාල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2018 වසරේ නිකුත් කළ "P.M.B රයිස්" සඳහා මලු මිලදී ගැනීමේදී මොවුන් මෙම වංචාව කර ඇති බවට අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිඹිරිගස්කටුව, දළුපොත පාරෙත් ඉන්නවා මන්ත්‍රී කෙනෙක්... කොරෝනා බඩු මලු උස්සපු...
ටයි කෝට් දාගත්තු හොරුද?
කෝටි දහයක් හොරකම් කළාම දඬුවම වැඩ තහනම. ඔවුන් හිනාවෙනවා ඇති...!
වැඩ තහනම් කරල විතරක් ඇතිද. ගස්කැපූ සල්ලි අයකරගන්න මුකුත් කරන්නෙ නැද්ද?