
( ෂේන් සෙනෙවිරත්න )
හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුට මත්කුඩු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එම මත්කුඩු ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව පොලිසිය එම පුද්ගලයාට උපාය දූතයෙකු යොදවා මත්කුඩු මිලදී ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරියේ නියුතු සුරා බදු නිලධාරියකු බව අනාවරණය වී තිබේ .
අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියාගේ සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd