
( ෂේන් සෙනෙවිරත්න )
හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔහුට මත්කුඩු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එම මත්කුඩු ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් අනතුරුව පොලිසිය එම පුද්ගලයාට උපාය දූතයෙකු යොදවා මත්කුඩු මිලදී ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු කොළඹ සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරියේ නියුතු සුරා බදු නිලධාරියකු බව අනාවරණය වී තිබේ .
අත්අඩංගුවට ගත් සුරා බදු නිලධාරියාගේ සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරොයින් විකිණු සුරාබදු නිලධාරියාට වැඩ වරදී