IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී අද (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගනයට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්ථානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය අද රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්ථාන ජාතිකයා  ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (11)

හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට

u siriwardane Thursday, 12 March 2020 05:26 PM

හලාල් ක්‍රමයට දඞුවම් දෙන්න ඕන වරදකරුවන්ට.

:       0       2

Binkunndaa Thursday, 12 March 2020 07:16 PM

පොහොට්ටුවේ ඇමතියෙක්ගෙ වෙන්නැති.

:       1       26

shan Friday, 13 March 2020 11:42 AM

ඔව්....මීගමුවේ බඩුලු.

:       0       106

lanka Thursday, 12 March 2020 09:12 PM

දැන් මහත්තයෝ ඔය අල්ලගත්ත කට්ටිය හරහා ඉතුරු කට්ටියව අල්ලගන්නවා නම් අල්ලගන්න හරි ලේසියිනෙ.

:       0       13

Pradeep Friday, 13 March 2020 03:01 AM

ඒ කියන්නේ අපේ රේගුව දුර්වලයි.. රට ඉදන් එන දුප්පත් මිනිස්සුන්ගේ ඇපල්, දොඩම්, මිදි ටික නම් අපුරුවට අරගන්නවා.

:       0       17

nalin Friday, 13 March 2020 03:39 AM

ප්‍රධාන සැකකරු කවුද..?

:       0       8

samantha Saturday, 14 March 2020 12:18 PM

සැකකරු කියලා අහිංසකයින් 10 ක් විතර අල්ලා ගන්නවා. එ්ත් මේවා ගෙන්නන මුදලාලිලා රස්සාව කරන්නේ 'දියවන්නාවේ'. ජීවත්වන්නේ මීගමුවේ... මෙයාට කියන්නේ මීගමුවේ මට්ටයා කියලා.

:       0       0

abaran Friday, 13 March 2020 03:43 AM

හැමවිටම අත්අඩංගුවට ගන්නේ මත්කුඩු විතරයි...

:       0       10

Nuwan Friday, 13 March 2020 06:42 AM

මම වෙන පෝස්ටුවකදී කිව්වා ඔය රටින් එන්නේ ඔය වගේ විනාශ තමා කියලා. මට බැනපු අය පොඩ්ඩක් මතක් කරගන්න.

:       0       1

Bimal Friday, 13 March 2020 10:00 AM

අල්ලගන්න ඒවාට මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි මට විතරද?

:       0       0

විපරමා Friday, 13 March 2020 10:55 AM

පාකිස්තානයෙන් හොර රහසේ එන්නෙත් ඔය වගේ දේවල්. මීට කලිනුත් ඔය රටින් කුඩු ගෙනාපු රාජගිරියෙ පැත්තේ කෙනෙක් හිටියා. දේශපාලුවෝ මේ දේවල් පිටිපස්සේ ඉන්න බව කවුරුත් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 135 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 281 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 628 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site