( මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (22) නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා රවීන්ද්‍රන් හෙවත් රවී නමැත්තාටය.
2014 වර්ෂයේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 02.39 ක් ලඟ තබා ගැනීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝනිගණන් ගේන අය...
මිනී මරලා අහුවෙච්ච උන් ඉන්න පාර්ලිමේන්තුවක් තියෙන රටක මේකත් දඬුවමක්ද?
ලොකු අය ඇල්ලුවාම රටේ ඉන්න ලොකුම අය හෙලිකොප්ටර් එකේ ගෙදරට ගිහින් ඉඹලා බේරගනිල්ලා. පොඩි එකාව ඇතුලේ යවලා මතට තිතක් තියල්ලා
ලංකාවේ අධිකරණය ගැන කවර කතාද?