(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඩුවම් පැමිණවීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසි වලින් හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බව සඳහන් කළේය.
"දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කරන ඕනෑම කෙනෙක් දෙවියන් වහන්සේ විසින් විනාශ කරනු ලැබේ, මන්ද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධ ය, ඒ දේවමාළිගාව ඔබ ය." යනුවෙන් ශාන්ත පාවුළුතුමන් පවසා තිබෙන බව කියන අමාත්‍යවරු අර්බුදයක් නිර්මාණය කොට ඒ මතින් බලය ලබාගත් කිසිවකුට එකී බලය පවත්වාගෙන යා නොහැකි බව ස්වභාදහම විසින් පවා ඔප්පු කොට තිබෙන බව සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Harin Mehema කිව්වා.. මම තව කාරණයක් කියන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමන්ලාත් දන්නවා ඇති මාතලේ තව සහරාන් කියලා කෙනෙක් සිටි බව. එයාට කියන්නේ පොඩි සහරාන් කියලා. ඒ පොඩි සහරාන්ට කතා කළ ‘සොනික් සොනික්‘ කියලා code එකක් තියෙනවා. මේ සොනික් සොනික් කියන කෝඩ්වලින් තමයි මේ ගොල්ලන් එක එක ඒවා හොයා ගන්න කතා කළේ. මේ සාක්ෂිය දුන්නේ මම නොවෙයි...
ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳයි. නමුත් සැබෑ වැරිදි කරුවෝ කවුද කියා දැන් දැන් ඔප්පු වෙමින් තිබෙනවා.
ජෝකර්ස් ඩ්‍රාමා . මේ ලොන්ඩරි දෙක හිතන්නේ ලංකාවේ ඔක්කොම ගොන් කතා කියලයි. සොනික් මහත්තයෝ ඉස්සෙල්ලම ඔයාගේ මොලේ බලපන්, ඔයා දඩුවම් දෙන්නේ උඩින් නෙමෙයි ........................ ..................... ඔබ සැම දිනක දුක් විඳ මිය යා යුතුය.
මේක අවංකව කල ප්‍රකාශනයක් නොවන බව පේනව. පුදුමෙ රාජපක්ෂල රකින්න මේ ඩබලට ඇති ඕනෑකම කුමක්ද යන්නයි.
එතකොට පාස්කු ප්‍රහාරයට වක්‍රව උදව් දුන්නු ඔයාලගේ ලොක්කාට අපි මොකද කරන්න ඕනෑ...?
රනිල් එක්ක කොන්දේසි ?ඕවා කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට .එහෙම නැතිනම් කොන්දේසි වෙන්න ඇත්තේ ඇමතිකමක් ,ණය තියනවානම් ඒවා කපලා දාන්න ඕන,නෑයන්ට තනතරු දෙන්න ඕන වගේ ඒවා වෙන්න ඇති .මුන් තාම ට්‍රයි කරන්නේ ජනතාව අන්දන්න.කාලකන්නි
හරියට පරීක්ෂණ කලොත් මෙයත් ඇතුලේ ඉන්න ඕන. පාස්කු ප්‍රහාරය ගැන දැනගෙනත් කිව්වේ නැති එකට
මොවුන් දෙවියන්ගේ මාලිගාවටත් හොර ඔප්පු හදන ජාතියේ බඩු. වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන...
එහෙමනම් කියන්න කෝ ඔයා ඉදිරිපත් කරපු කොන්දේසි හතෙන්, ඉටු කළ හය කුමක්ද කියලා?
පාස්කු ප්‍රහාරය එල්ලවෙන බව හරීන් කළින් දැනගෙන හිටිය බව ඔහු කළින් දැනගෙන හිටියා නම් මේ පිළිබඳව රහස් පොලිසියට දැනුම් දෙන්න.... එවකට පැවැති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අගමැතිට හෝ ආරක්ෂක ඇමැති ධුරය හෙබවූ, ජනාධිපතිතුමාට දැනුම් දෙන්න. කිතුණුවකු ලෙස කතෝලික සභාවට දැනුම් දෙන්න තිබුණා. මොහු නිහඬව සිටියා. මේ ගොල්ලන් හිටියේ රනිල් සමග. රනිල් යනු රාජපක්ෂලා ආරක්ෂා කරන්න කටයුතු කළ ඩබල් ඒජන්ට් කෙනෙක් කියලා දැන් ඔප්පු වෙලා හමාරයි. මොන පක්ෂයෙන් ඉල්ලුවත් දෙන්න එපා මනාපේ