(ගයාන් සූරියආරච්චි)
තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 43 වයස්වල පසුවන කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තීරු බදු නොගෙවා මෙරට ගෙන්වූ ජංගම දුරකථන 323ක් හා සැකකරුවන් පැමිණි වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරුබදු නොගෙවා ගෙන්වන ලද දුරකථන? එතකොට රේගුවේ ජරාව කාපු එකාල හොයන්නේ නැතිද? පලමුව ගොදුර විය යුත්තේ රාජ්‍ය සොරමුල නේද? මහාපරිමාණ අපරාධය සිදුකර ඇත්තේ බදු නොගෙන භාණ්ඩ මුදාහරින අයයි....
ඔහොම ගේන දුරකථන වල ඉමි අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි වෙන්නෙ නැහැනේ ඉතින් එහෙම ලියාපදිංචි නැත්නම් ඒවායින් සිම්පත් ක්‍රියාත්මක නොවෙන්න ක්‍රමයක් හදන්න බැරිද එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තිබේනම් ඔය හොරකම් අඩුවෙන්න පුළුවන් ඇති
තීරුබදු සහිතව ගෙනාව බං ඇල්ලුවෙ මොන ලබ්බටද බං.
ගෙනාවේ තීරුබදු ගෙවලාද නැතුවද...?