IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරෙන් ගෙනා දුරකතන සමග දෙකක් සැකපිට

(ගයාන් සූරියආරච්චි)

තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු  පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 43 වයස්වල පසුවන කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තීරු බදු නොගෙවා මෙරට ගෙන්වූ ජංගම දුරකථන 323ක් හා සැකකරුවන් පැමිණි වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාර දී ඇත.

 



අදහස් (4)

හොරෙන් ගෙනා දුරකතන සමග දෙකක් සැකපිට

Lalla Thursday, 04 January 2024 07:36 AM

තීරුබදු නොගෙවා ගෙන්වන ලද දුරකථන? එතකොට රේගුවේ ජරාව කාපු එකාල හොයන්නේ නැතිද? පලමුව ගොදුර විය යුත්තේ රාජ්‍ය සොරමුල නේද? මහාපරිමාණ අපරාධය සිදුකර ඇත්තේ බදු නොගෙන භාණ්ඩ මුදාහරින අයයි....

:       0       5

Hollow Girl Thursday, 04 January 2024 07:54 AM

ඔහොම ගේන දුරකථන වල ඉමි අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි වෙන්නෙ නැහැනේ ඉතින් එහෙම ලියාපදිංචි නැත්නම් ඒවායින් සිම්පත් ක්‍රියාත්මක නොවෙන්න ක්‍රමයක් හදන්න බැරිද එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තිබේනම් ඔය හොරකම් අඩුවෙන්න පුළුවන් ඇති

:       4       1

Chaminda Sampath Thursday, 04 January 2024 08:23 AM

තීරුබදු සහිතව ගෙනාව බං ඇල්ලුවෙ මොන ලබ්බටද බං.

:       1       9

ලුම්බිණි Thursday, 04 January 2024 01:53 PM

ගෙනාවේ තීරුබදු ගෙවලාද නැතුවද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site