IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11)  පැලවත්ත, ජපන් මිත්‍රත්ව පාර අසලදී වලාන මධ්‍යම  දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.

අත්අඩංගුවට ගත් මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකයෙන්ම විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර 2019 වර්ෂයේදී ද එම අංකයෙන්ම මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් තලංගම ප්‍ර දේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම ජීප් රථය වලාන මධ්‍ය දූෂණ ප්‍රහාරක බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (6)

හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු

gamage Wednesday, 12 February 2025 06:55 PM

අනේ භයනේ මෙව්වට කියන්න. ඒවා පේන්නේ සන්දර්ශන කියලද? මේවා හොරකම් වංචාවල් නෙවෙයි වෙන්න ඇති නේද?

:       4       24

Shantha Wednesday, 12 February 2025 09:08 PM

ඔය වගේ හොර වැඩ කරන අංක එකේ හොරෙක් තමයි නාරම්මලත් ඉන්නවා. පුලුවන්නම් ඒව ගැනත් හොයපල්ලා.මෝටර්‍රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කොත් එක්කම එකතු වෙලා වැඩේ දෙන්නෙ.

:       0       27

රනේ Thursday, 13 February 2025 07:29 AM

මුන් දෙමාපියන්ට හොරෙන් මොනව කරල ඇතිද?

:       0       3

ගුණරත්න Thursday, 13 February 2025 07:48 AM

අපිටත් කම්මලේ බාසා එක්ක එකතු වෙලා මොකක් හරි අටවාගන්න තමයි වෙන්නේ, නැත්නම් ලක්ෂ 40 දීලා ත්‍රී වීල් එකක් කෝටියක් දීලා කාර් එකක් ගන්න සල්ලි නැහැ අපිට.

:       1       1

චන්දිම Thursday, 13 February 2025 08:58 AM

මෙක KA අන්කයක් කියන්නෙ වසර 15ට වඩා වඩා පරනයි.කොහොමද කෝටි 4ක් කියන්නෙ?2025 හදපු සීරෝ මයිලේජ් මොන්ටෙරෝ එකක් වෙන්නෙත් මිලියන 49.5ක්.එතකොට මේක කොහොමද මිලියන 40ක් වෙන්නෙ?

:       4       1

kamal Koyrala Thursday, 13 February 2025 04:14 PM

කන්ටේනර් 26 වරායෙන් පිටවුණා කියා වැළලෙන්න හදනවනේ. දැන් මේවා පිටවෙලා තියෙන්නේ අහසින්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site