IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි  සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11) ගොනු කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් ත්‍රීව්ර වු බවද සඳහන් කරන්නීය.

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.

නීතීඥ ශානිකා සිල්වා මෙනවිය මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් වගඋත්තරකාර තිස්ස අත්තනායක මහතා අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.

 

 

 



අදහස් (8)

හරිනි කෝටි 100 ඉල්ලා තිස්සට නඩු දමයි

Warnasinghe Wednesday, 11 September 2024 05:36 PM

අහෝ තිස්ස! නොදිටි මොක්පුර.

:       100       69

එඩී Wednesday, 11 September 2024 06:09 PM

හරිණි අමරසුරිය මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කරනු ඇති යයි හිතන්න බැහැ. නමුත් ජජබයේ අය නියෝජනය කරන ලිබරල් පාර්ශ්වය ආගම් විරෝධී. ඒ වගේම දේශීය සංස්කෘතික අංගවලට සිනාසෙන ප්‍රවනතාවක් තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බුදු දහමට එරෙහි වන්නේ, එය උපහාසයට ලක් කරමින් කවි ගීත පොත් පත් ලියන්නේ ජජබ හෙන්චය්යන්. දළදා වහන්සේට අපහාස කළ පුද්ගලයා මෙන්ම බුදුන්ගේ රස්තියාදුව වැනි පල්හෑලි ලියු පුස්සන්ද ජාජබ සපොටර්ලාය.

:       3       4

Shashi Wednesday, 11 September 2024 06:29 PM

සජිත්ගෙ පිහිටෙන් රට පැනපන් කූට ලේඛන තිස්ස

:       0       4

Rata Perata Wednesday, 11 September 2024 06:47 PM

තිස්ස වගේ කාලකන්නි අපතයන්ට කවුරුහරි පාඩමක් උගන්වනවානම් හොඳයි

:       0       4

හර්ශනි Wednesday, 11 September 2024 07:05 PM

රාජ්‍ය නොවන සන්විධාන වලින් යැපෙන තවත් එක කාන්තාවක්. රටට අබ සරණයි...!

:       5       3

පොඩිඑකා Wednesday, 11 September 2024 09:30 PM

තිස්ස, මේ හරිනි හැර වෙනත් හරිනිලා සිටීද....?

:       0       2

Sunanda Wednesday, 11 September 2024 11:35 PM

හරිනිලත් සංදර්ශන වලට හරිම කැමතියි . තව කොහොමද දින්නොත් එහෙම

:       7       3

fairoos Thursday, 12 September 2024 12:44 PM

ඡන්දයක් ආවොත් තිස්ස හැමදාම අනාගත්තා

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1108 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site