(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදුකරන හර්තාල් වයාපාරයට සහයෝගය පළ කරමින් අනිද්දා (05) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක  සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, ලොකොමොටිව් ඔපරේටිං එන්ජිනියර්ස් යූනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ඇතුළු දුම්රිය වෘත්තිය සමිති 40 කට වැඩි ප්‍රමාණයක් මෙම විරෝධතාවයට සහයෝගය පළ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස් විතානගේ මහතා ප්‍රකාශ කළේය.

සියලුම සේවකයන් සේවාවලින් ඉවත්ව මෙම වර්ජනයට සහයෝගය ලබාදෙන බවත් ඔහු කීවේය.

හයවනදා සිදුකරන හර්තාල් ව්‍යාපාරයට ආණ්ඩුව ප්‍රතිචාර නොදැක්වුවහොත්  ලබන 11 වනදා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් විතානගේ මහතා තවදුරටත් පැවසීය.