
( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ මංගල එදිරිසිංහ )
හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21) පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
ගින්න හට ගැනීමත් සමගම මගින් පිටතට පැන දිවි බේරාගෙන ඇත.
රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම මෙම ගිනි ගැනීම බස් රථයේ ඉදිරිපස කොටසින් ඇතිවූ දුමාරයත් සමඟ හටගෙන ඇතැයි පොලිසිය කියයි.
බස්රථයේ එම අවස්ථාවේ මගින් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැත .
හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
ගිනි ගැනීමත් සමගම හොරණ රත්නපුර මාර්ගයේ බොරු ගොඩ ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට තරමක බාධාවක් ද සිදුවිය.
බස් රථයේ රෝද හතර හැරෙන්නට අනෙක් සියලුම උපාංග විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සිතිය හැකි යැයි යයි පොලීසිය කියයි. හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිණි රැජිණ
සුදුසුකම් නොලත් විදුලි කාර්මිකයන් DC පරිපථය සඳහා AC වයර් සහ ස්විචය භාවිතා කිරීමේන මෙම ගින්නට හේතුවෙන්ඩ ඇති.