IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හැරීට - මේගන්ට එරෙහිව පනතක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපදවරිය වන මේගන් මාර්කෙල් ඔවුන්ගේ පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

හැරී සහ මේගන් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීමට පටන් ගැනීමත් සමඟ මෙම තීරණයට එළඹ ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.

එසේම ආර්චි කුමරුගේ සමෙහි වර්ණය පිළිබඳ තෙවැනි චාල්ස් රජු සහ කේට් කුමරිය සැලකිල්ලක් දැක්වූ බවට හැරී කුමරු සහ මේගන් චෝදනා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව විලියම් කුමරුගේ ස්ථාවරය බවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට එළඹෙන සතියේදී තෙවැනි චාල්ස් රජු සහ විලියම් කුමරු අතර හමුවක් පැවැත්වීමටද නියමිත බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් මාර්කෙල් මෙලෙස රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් එල්ල වමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.එල්ලවන විවේචනවලට ප්‍රතිචාර නොදක්වමින් හැරී සහ මේගන් නිශ්ශබ්දව සිටින බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන එන්ඩ් ගේම් වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර ඇත.

හැරී කුමරුගේ සමීපතම මිත්‍රයෙකු මෙන්ම ආර්චි කුමරු බවුතීස්මය සඳහා ඉදිරිපත් කළ පුද්ගලයාද වන වෙස්ට්මිනිස්ටර් හි ආදිපාදවරයා වන හියු ග්‍රොස්වෙනර් ඔහුගේ විවාහ මංගල්‍යයට හැරී සහ මේගන්ට ආරාධනා නොකිරීමට තීරණය කර තිබේ.මීට පෙර හැරී සහ මේගන්ට උත්සවයට ආරාධනා කිරීම සඳහා මහත් උවමනාවෙන් සිට ඇති අතර ඔවුන් රාජකීයන් සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය එලෙස නොකර සිටීමට හේතුවී ඇත.

 



අදහස් (7)

හැරීට - මේගන්ට එරෙහිව පනතක්

රංබොඉ Sunday, 03 December 2023 06:41 PM

කොච්චර දියුණුයි කියලා හිතාගෙන හිටියත් තවම බොළඳ ප්‍රශ්නවල හිරවෙලා...!

:       4       92

Gunathilaka Sunday, 03 December 2023 07:41 PM

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් අයින් වුණු ශ්‍රී විභූතිය රැකගන්න අන්තිමට ආර්ථිකයත් ඉවරයි... ලංකාව, ග්‍රීසිය වගේ අන්තිමට ප්‍රෞඩ ඉතිහාසය කබල් ගාන්න වෙයි. ජපානය, ජර්මනිය කොච්චර වැටුණත් නැගිටින්නේ ඇයි? ඔවුන්ට පම්පෝරි පුරාජේරු නැති හින්දා...!

:       1       2

Bamunuarachchi Monday, 04 December 2023 07:10 AM

මේවාට වගකියන්න ඕනේ එරට මාධ්‍යකාරයින්. ඔවුන් තමයි අනවශ්‍ය පවුලේ ප්‍රශ්න අහලා රජපවුල ගැන ඕපාදුප ප්‍රසිද්ධ කළේ. එහි ප්‍රතිඵල තමයි... මේ මෝඩ හැරීට විඳින්න වෙන්නේ. ඇපලෝ 11 ගමනට පෙර නීල් ආම්ස්ට්‍රෝන් සහ අනිත් ගුවන් ගාමියා කොටවන්න ඇමරිකන් මාධ්‍යවේදියෙක් කරන ප්‍රශ්න කිරීම අපි දැක්කා. ඒ ගැටයාට අනිත් ගුවන්ගාමියා අසුවුනේ නැහැ...!

:       1       3

sethuhami Monday, 04 December 2023 07:30 AM

අපිටත් තියන ප්‍රශ්න අම්මපා...!

:       0       3

Sethuhami Monday, 04 December 2023 07:38 AM

සෑහෙන බොන්න ඕනෑ ප්‍රශ්නයක් මේක... එහෙම කරන්නේ කොහොමද? එහෙම වෙන්න දෙන්න බෑනේ...

:       0       4

Nimal Monday, 04 December 2023 08:45 AM

අපේ රජා පවුල් පිටින් මරුවා මතකද ?අත දරුවොත් එක්ක .මුන්ට කවදා හරි මේවා පල දෙන්නත් එපැයි

:       2       4

රට පෙරට Monday, 04 December 2023 12:54 PM

ඔය පරම්පරාවේ අය අපේ රට යටත්කරගෙන සිට අත්හැර ගියේ කිසිදාක දිරවා ගන්න බැරි පාලන ක්‍රමයක් හා නීතිරීති හඳුන්වා දීමෙන් පස්සේ තමයි දැන් අපේ අය ඒවා තව තවත් අවුල් කරගෙන පැටලී ඉන්නවා. ඛනිජතෙල් හැර රටේ නැහැ කියන්න කිසිවක් නැහැ. ඒත් ලෝකයේ වලපල්ලට යමින් ඉන්න වුනේ, මොවුන්ගේ මගපෙන්වීම් අනුව ඇති හැකි එකාට පමණක් ජයක් ලැබෙන ආකාරයට කටයුතු කරන්න සුද්දා දුන් දායාද නිසා තමයි. ඉතින් දැන් ඔය අයගේ ආදිතමයින් කළ දේවල් සඳහා ශාප පස්සෙන් එන්න ආරම්භවෙලා තියෙනවා කියන්න පුළුවන්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site