
(අංජුල මහික වීරරත්න)
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර 2030 වන විට රටේ විදුලි බල ඉල්ලුමෙන් 70%ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සුර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233 ක භුමි භාගයක් හඳුනාගෙන තිබේ.
යෝජිත ව්‍යාපෘතියේ උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233 ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්
පොළොව වගාවන් සඳහා භාවිතා කරමින්ම මදක් ඉහළින් හදාගත් අට්ටාලයක මෙම ව්‍යාපෘතිය කළ නොහැකිදැයි ප්‍රශ්නයක් මතු වන්නේ එහි තාක්ෂණික පැත්ත හරියටම නොදන්නා බැවිනි.
අලි ඇතුන් ඉන්න ප්‍රෙද්ශයක්. පරිසරික ඇගැයීම කෝ? දැනටත් ඒ පැත්තේ අලින්ට ඉන්න හිටින්න තැනක් නෑ... ඒ නිසා ගම් වදිනවා.
ඉතාම හොඳ කාලෝචිත වැඩක්. දවස් 365 ම හිරු එළිය තියෙන අපේ වගේ රටක මේවා කරන්න මෙච්චර කල් ගිය එක තමයි පුදුමේ...