(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉලූප්ප කඩවායි කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
හරක් කටා නැමැත්තා සන්තකයේ තිබී ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එය ඉහත කොස්තාපල්වරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඊයේ (2) මොහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.
සැකකාර කොස්තාපල්වරයා බන්ධනාගාරයේ ආරක්‍ෂාක රාජකාරියේ යෙදී සිට ඇති අතර සිද්ධියෙන් පසු ඔහුට ඉලූප්පකඩවල් කඳවුරට ස්ථාන මාරුවක් ලබා දී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
අජිත් ප්‍රියන්ත Saturday, 03 May 2025 01:40 PM
STF එකටත් ගිය කලක්...
බකල ජයා Saturday, 03 May 2025 02:20 PM
වැටත් නියරත්
SL Sunday, 04 May 2025 07:42 AM
STF හොඳටම චොර වගේ දැන්. මට හිතෙන්නේ පාතාලයේ උන් හිතලා ම STF එකට රිංගලා වගේ ඉස්සර වගේ සනුහරේ ම හොයලා ඕවට ගන්න එක කරන්න වෙයි