(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිදු මල්ෂක නොහොත් ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාර පාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18) අවසර ලබා දුන්නේය.
සැකකරු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධරයකු මගින් එම ආහාර පාන ලබාගැනීමට කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකාර නඳුන් චින්තක සහ සළිදු මල්ෂක යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් නිතීඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් වෙනුවන් නිතීඥ සංජය ආරියදාස, නිතීඥ ජාලිය සමරසිංහ සහ නිතීඥ ඉවෝන් නිරාශා යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් සදහන් කළේ තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාර පාන ප්‍රමාණවත් නොවන බවය. ඒ හේතුවෙන් පිටතින් ආහාර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී නිතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලුහ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම ඉල්ලීම්වලට ඉඩ ලබා දුන්නේය.
මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත් පෙබරවාරි මස 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් ජනාරි මස 01 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටාට-කුඩු සලිඳුට සුපිරි කෑම කන්න අවසර
Muthu Thursday, 19 October 2023 06:28 PM
මේවා අහල ඇඟේ ලේ නිකන් පුච්ච ගන්න එපා. ලොකු කුඩ්ඩො වාසනාවන්ත මිනිස්සු. මෙන්න මේ නිසා තමයි ලංකාවේ කුඩු කාරයෙක්, පාදඩයෙක් හොරෙක් උනත් ලොකුම එකෙන් ඉන්න ඕනේ කියන්නේ. නිකන් හොරුන්ට කුඩු කාරයොන්ට කන්න වෙන්නේ බෙලෙක් පින්ගානේ බත්, පොලිස් කාරයොත් කන.
C.K.Lankaputhra Thursday, 19 October 2023 07:05 PM
සුපිරි කෑම ලබාගන්න... ඒ අය සුපිරි සිරකරුවන් වෙන්න ඕනෑනේ. එතකොට දැන් සුපිරි සිරකරුවන් කියලා ජාතියක්... එහෙනම් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට සිරසැප කියලා ජාතියකුත් ලැබෙනවා ඇතිනේ...!
Sameera Lanka Jayasinghe Thursday, 19 October 2023 07:09 PM
කොහොමද කුඩු වල පවර් එක..?
K Perera Thursday, 19 October 2023 08:03 PM
සුපිරි කමත් සමග කුඩු ග්‍රෑම් කීපයකුත් යැව්වා නම් තමයි හොඳ... යකාගේ නීතිනේ ලංකාවේ තියෙන්නේ...!
dupul Thursday, 19 October 2023 08:43 PM
ඔය සුපිරි කෑම ඒ දෙන්නට විතරක් වෙන්ට ඇති නේද?
සමන් Thursday, 19 October 2023 09:08 PM
නීතිඥයින් නම් හරක්කටාලාගෙන් හොද කෑමක් කනවා ඇති..!
විජේපාල Thursday, 19 October 2023 11:33 PM
කුඩුවේ පහසුකම් මදිනම් තරු පහේ හොටෙල් එකක නැවතින්නත් දුන්නනම් හරි. ජාතික සම්පත්නේ පණ මෙන් රැකගනිමු.
Chamila Saturday, 21 October 2023 01:22 AM
මේකෙන් වෙන්නේ නීතියත් හෑල්ලුවට ලක්වන එකයි.