IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හරක් කටාට කඩේ ගිය පොලිසියේ 19 ක් ගැන සොයයි

 (   බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන  නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩ බලන පොලිස්පති  දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ නියෝග මත විශේෂ විමර්ශන ඒකකය මගින්  එම විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.එලෙස චෝදනා එල්ල වී තිබෙන බහුතරයක්  දකුණු පළාතේ   විවිධ ශ්‍රේණි වලට අයත් පොලිස් නිලධාරීන් බවට දැනගන්නට ඇත.

හරක් කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිලිබද  නිසි විමර්ශනයක්  සිදු නොවීම සම්බන්ධයෙන්  වැඩ බලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ දැඩි අවධානය යොමුවීමෙන් අනතුරුව   අදාළ උපදෙස් ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි

හරක් කටා විදේශගතව සිටියදී හා අත්අඩංගුවට පත්ව සිටියදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරද් ප්‍රසාද ලබාගෙන   ඔහු විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු හෝ වක්‍රාකාරයෙන් සබඳතා පැවැත්වූවාද  ? එසේත් නොමැති නම් ඔහුගේ අනුගාමිකයන්ට පහසුකම් ලබා දුන්නා ද? යන්න විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති අතර ඊට අමතරව  චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් ට ලද  සන්තෝෂම් මුදල් වලින් වෙනත් පුද්ගලයන්ගේ නමින් මිලදී ගත් ඉඩකඩම් යාන වාහන ආදී වත්කම්   සම්බන්ධයෙන්ද විශේෂයෙන් සොයා බැලීමට නියමිතය

 අනපේක්ෂිත ලෙස  හරක් කටා පොලිස් අත්අඩංගුවට  පත්වීමත්  සමඟම  චෝදනා එල්ල වී තිබෙන ඇතැම් පොලිස් නිලධාරීන් සේවා කාලය සම්පූර්ණ වීමටත් පෙර  විවිධ හේතූන් ගෙනහැර පාමින්  ස්ව කැමැත්තෙන් දුෂ්කර ප්‍රදේශවලට පවා ස්ථාන මාරුවීම් ලබාගෙන  පිටව ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි  

 



අදහස් (0)

හරක් කටාට කඩේ ගිය පොලිසියේ 19 ක් ගැන සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site