IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන  නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු  අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු  අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව  පොලීසිය  පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි  (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි .

මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු වන අතර  හංවැල්ල රනාල ප්‍රදේශයේ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යමින් හරක් කටා නැමැත්තාගේ මුදල් ජාවාරමට සම්බන්ධ වී කටයුතු කර ඇතැයි පැවසේ .

මීට අමතරව  දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ව්‍යාජ චෙක්පත් දී රුපියල් කෝටියකට ආසන්න  මුදලක් වංචා කළ පුද්ගලයෙකු බවට  තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසේ .

ඒ අනුව කොට්ටාව ප්‍රදේශයේ  පුද්ගලයෙකු රවටා ව්‍යාජ චෙක් පතක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන්  සිදු කළ විමර්ශනයකදී කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතා ට ලද තොරතුරකට අනුව  සැකකරු නවගමුව  රනාල ප්‍රදේශයේ  කොමිනිකේෂන් ආයතනයක් තුළ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය හා  බැංකු කාඩ් පත පොලිස් භාරයට ගෙන තිබේ .

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු අන්තර්ජාලය හරහා මෙහෙය  වූ පුද්ගලයා බවට  තොරතුරු අනාවරණය වූ බවත් ඒ වෙනුවෙන් මොහුට අධික වැටුපක් ගෙවා ඇති බව තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .
 

 



අදහස් (0)

හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site