(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හරක් කටා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයින්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට ද වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
හරක් කටා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
වැඩ බලන පොලිස්පතිවරයා විසින් පත්කරන ලද විශේෂ කණ්ඩායම් තුන පූර්ණ කාලීනව නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනවල නියැළීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුද්ගලයා ඉන්නේ අත්අඩංගුවේ නිසා ප්‍රශ්නකර තොරතුරු අනාවරණය කරගැනීමට අපහසු ඇයි කියා මට නම් නොතේරේ...
මොහු මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් කළ බවට ඕනෑතරම් සාක්ෂි තිබෙනවා. මොහුට විරුද්ධව ඔය එක චෝදනාවකට හෝ කිහිපයකට නඩු පවරලා ඉක්මණින් නඩු සුදුසු දඬුවමක් දෙන්න. අපේ නීති පද්ධතියට බැරි මොකද? මාස ගණන් හොයහොයා ඉන්න ඕනේද?
හරක් කටා වැනි අයට ඔය ඉරණම අත්වෙලා ඇත්තේ ඔවුන්ගේ මාස්ටර්ලා හට අකීකරු වීම හේතුවෙන් හෝ මාස්ටර් ගේ උදහසට ලක්වීමෙන් විය යුතුයි. අපේ රටේ දක්ෂ පොලීසියට මේ හරක් කටෙක් ගැන සොයාගන්න එක මහ කජ්ජක් නෙවෙයි... නමුත් ඔවුන් මාස්ටර්ලාව ආරක්ෂා කරනවා... හොඳම උදාහරණය දැන් පවතින බෙහෙත් වංචා නඩුවේදී ඇමැතිට විරුද්ධව රහස් පොලිසියට දුන් කට උත්තරය සටහන් කර ගැනීම පවා රහස් පොලිසිය ප්‍රතික්ෂේප කළබව අධිකරණය තුළදීම හෙළිවීම අපි දැක්කා...
හරක් කටා වැනි අයට ඔය ඉරණම අත්වෙලා ඇත්තේ ඔවුන්ගේ මාස්ටර්ලා හට අකීකරු වීම හේතුවෙන් හෝ මාස්ටර්ගේ උදහසට ලක්වීමෙන් විය යුතුයි. අපේ රටේ දක්ෂ පොලීසියට මේ හරක් කටෙක් ගැන සොයාගන්න එක මහ කජ්ජක් නෙවෙයි. නමුත් ඔවුන් මාස්ටර්ලාව ආරක්ෂා කරනවා. හොඳම උදාහරණය දැන් පවතින බෙහෙත් වංචා නඩුවේදී ඇමැතිට විරුද්ධව රහස් පොලිසියට දුන් කට උත්තරය සටහන් කර ගැනීම පවා රහස් පොලිසිය ප්‍රතික්ෂේප කළබව අධිකරණය තුළදීම හෙළිවීම මෙම පත්‍රයේම අපි දැක්කා. ඕක ඔය විදියට ප්‍රසිද්ධ නොවුණා නම් පසුව කියාවී රහස් පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණයේ දී ඇමැතිවරයාට විරුද්ධව කිසිම සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත.