
(ටී.කේ.ජී. කපිල සහ ඉන්දිකා රාමනායක)
මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත් පානදුර සළිදු මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
මොවුන් දෙදෙනා අද (15) පෙරවරු 7.20 පමණ මෙරටට රැගෙන ආ බව ගුවන්තොටු පොළ ප්‍රකාශයෙක් කීය.
මොවුන් මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ බව ද ඒම ආරංචි මාර්ග පවසයි.
මොවුන් බාර ගැනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ මර්දන විශේෂ කණ්ඩායමක් කටුනායක ගුවන් තොටින් බාර ගැනීමට නියමිතව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහොමද වැඩේ . රාජ්‍ය නායකයකුගේ ආරක්ෂාව දීලා
පානදුර සලිඳුට කවර් එක දුන්නේ කවුද? සලිඳුගේ මුදල්වලින් දේශපාලනය කළේ කවුද? යකාගේ රාත්‍රිය පැමිණෙමින් තිබේ. සියලු සාක්ෂි යැවීමට රත්තරං තීරණය කර ඇත.
චන්දන ඔයා මොලේ උඩ වාඩිවෙලා කල්පනා කරන්නේ නැතිව ටිකක් විතර එහා මෙහාට වෙලා කල්පනා කරන්න. එතකොට ආරක්ෂාව ගැන තේරුම් යයි..
රත්තරන්ගේ, රාජපක්ෂ හෙංචයියලාගේ නම ගැන සඳහනු වුණු ගමන් ඇඩ්‍රස් නැහැ...