(විමුක්ති එස් රුද්‍රිගු)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබෙන 'හරක් කටා' හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න සහ 'කුඩු සළිඳු' හෙවත් සළිඳු මල්ෂිත තවත් දින 90 ක කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඳුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂිත තවත් දින 90 කාලයක් රැඳවුම් බාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසරය ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දෙනු ලැබ ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවූම් නියෝග ලබා ගැනීමට ප්‍රමාණවත් කරුණු නොමැතිනම් හරක් කටා නොහොත් නදුන් චින්තක වික්‍රමරත්නව වහාම සුදුසු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස ඔහු විසින් තම රැඳවුම් නියෝග වලට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය පසුගිය 6 වැනිදා රහස් පොලීසියට සහ පොලිස්පතිවරයාට නියෝග කළේය.වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බවද අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් විය.
කෙසේ නමුත් පෙත්සම්කරුට එරෙහිව රැඳවුම් නියෝග දීර්ඝ කිරීමට ප්‍රමාණවත් කරුණු ඇත්නම් මෙම රැඳවුම් නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආරක්ෂක ඇමතිවරයාට මෙම නියෝගය කිසිදු බාධාවක් නොවන බවද එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’හරක් කටා’-’කුඩු සළිඳු’ තව දින 90ක් සී.අයි.ඩීයේ