
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදුකළ ද ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත් නොවන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විමර්ශන නිලධාරීන් ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
හරක් කටා නැමැත්තා ගෙවී ගිය වසර කීපය තුළ මත්කුඩු කිලෝ 4000 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා හැර ඇති බවට සාක්කි තිබියදී ඔහුට විරුද්ධව නඩු නොදැමීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා සිය විමතිය පළ කර ඇති බවද වාර්තාවේ.
හරක් කටා සම්බන්ධව අනාවරණය වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාල නඩු කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නීති විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.
හරක් කටා සම්බන්ධයෙන් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්චාවකදී මේ බව පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් කටා සියලු දෙනාට යහමින් මුදල් බෙදා ඇති අතර නඩු දානතුරු නීතිය දන්න උදවිය බලා සිටින්නේ , සත්‍ය පසෙක ලා කෙස් පැලෙන තර්ක විතර්ක දමා ඔහුව නිදහස් කර මුදල් මත පිහිනන්නටයි.
සිද්ධාලේප කුප්පියකුත් අරන් ගිහින් ප්‍රශ්න කරන්න කාලෙ හරි වගේ...
මෙයා පිටරටක ඉඳලා ළඟදිද ලංකාවේ ආවේ...? විකාර සංදර්ශන... ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාලේ ඕවා දැක්කේ නැද්ද?
පුළුවන් හැම කෙනාගෙන්ම ජරාව කාලා දැං සින්දු කියනවා...!
හරක් කටා මෙපමණ කල් ජීවත්ව ඉන්න එක ගැන තරහ ගිහිල්ලා ඇති.
හරක් කටාට පැනලා යන්න අවස්ථාවක් ලැබෙන තුරු වැඩේ අතගානවා වගේ...!