
(රොමේෂ් මධුෂංක සහ සිතුම් චතුරංග)
වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල කුඹුක්වැව පදිංචි පොලිස් කොස්තාපල් (27287) හේරත් මුදියංසේලාගේ හසිත දිනේෂ් මධුසංඛ සහ මැදවච්චිය දුම්රිය නගරය පදිංචි පොලිස් කොස්තාපල් (38778) යාපාමුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන නැමති වවුනියාව , මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකා සෙබලුන් දෙදෙනෙකි.
වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය පවසයි.
අයිතිකරුවන් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැප්පුන ගවයාට මොකද උනේ
හරකා නොව වේගයයි ඔවුන්ට සහ සමහරවිට හරකාටත් මරු කැදවා ඇත්තේ. වේගයෙන් ගමන් කරන හමුදා සහ පොලිස් වාහන සමාජයට කරදරයකි.
මිනිසුන් නිකම්ම නිවැරදි දේ කරන්න තරම් සත්පුරුෂ නෑ. ඒකට රටේ ක්‍රියාකාරී නීතියක් තියෙන්න ඕන. රටම අයාලේ යන්නේ එහෙම නීති නැති නිසා.එස්. ටී.එෆ් .සෙබලු දෙන්නෙක් කියන්නෙ කොයි තරම් වටිනා සම්පත් දෙකක්ද රටට ?
හතළිහට ගියාම ඔහොම වෙනවා... මේ ගිහිල්ලා තියෙන්නේ කපලා කොටලා මරණ තැනකට බෝම්බ හොයන්න. පාරේ ගවයෝ යන්නේ ඔය පාරේ විතරක් නෙවෙයි. ඒ වගේම ඔය පාරේ යන්නේ එස්.ටී.එෆ් වාහන විතරක්ම නොවෙයි...
ගිහින් තියෙන්නේ හරි හෙමින්නේ, ඔයිට වඩා ටිකක් හයියෙන් ගියා නම් ඔහොම වෙන්නේ නැහැ. හමුදාවේ නෙවෙයි මොන මගුලේ වුණත් වාහනයක් අතට අරන් පාරට බැස්සාම විනයක්, හික්මීමක් තියෙන්න ඕනේ. හික් නැතුව මීමෙක් වාහනේ අතට ගත්තාම මෙහෙම වෙනවා...