(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ව්‍යාජ මුදල් නෝට්ටු තිස් හතරක් සමග පාසල් සිසුවකු සහ  තරුණයකු මන්නාරම, මුත්තූර් හන්දියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා ළඟ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු දහයක් ද රුපියල් 500 ව්‍යාජ නෝට්ටු නවයක් ද,  පාසල් සිසුවා ළඟ රුපියල් පන්සීයේ නෝට්ටු 15 ද තිබී සොයා ගත් බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මන්නාරම  ප්‍රදේශයේ පදිංචි අය වෙති.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු ආකාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.