
(ගයාන් සූරියආරච්චි)
ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
එහිදී විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටීකරය වාහන වල තබාගනිමින් එය අවභාවිතා කර ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, මහාමාර්ගයේ ව්‍යාජ සහතික ඉදිරිපත් කරමින් වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ, සුවද විලවුන් ඇතුළු විවිධ රූපලාවන්‍ය ආලේපන වර්ග ආදිය වෙළදාම් කිරීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරණු කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුවී තිබේ.
එහිදි විශේෂයෙන්ම ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් ඇතැම් නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදී සිටින තැනැත්තන් ඉදිරියේදී අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සැලසුම් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර වෛද්‍යවරුන් වටලන්න යයි
chandima Saturday, 04 May 2024 08:25 AM
හොර ජනාධිපතිලා වටලන්නේ නැතිද?
UniDon Saturday, 04 May 2024 08:41 AM
ඇයි හොර වෛද්‍ය උපාධි සාප්පු අල්ලන්නේ නැත්තේ?
ganga Saturday, 04 May 2024 10:11 AM
අර දරුවෙකුගේ වකුගඩු ගලවලා රට පැන්න GMOA (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) එකේ සාමාජිකයා අල්ලන්න කියලා ඉල්ලලා නැද්ද?
nimesh Saturday, 04 May 2024 10:12 AM
රජයෙන් වැටුප් ලබමින් රාජකාරි වේලාවේදී පුද්ගලික සේවයේ යෙදිලා ඉන්න දොස්තරලා අල්ලන්නේ නැද්ද?
Prabha Saturday, 04 May 2024 04:19 PM
කළින්ම කියන වැටලීම් වලින් කරන ලොව එකම පොලිසිය...!
Hafeel Saturday, 04 May 2024 04:49 PM
එහෙම හොරට නීති විභාගය ලියපු අයත් අල්ලන්න.